කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
මේ දිනවල රුපියල් 12කින් තිරිඟු පිටි මිල ඉහළ ගොස් ඇති බවට පවතින ප්‍රවෘත්තිය සාවද්‍ය බව පෙන්වා දෙන අමාත්‍යවරයා, ජනාධිපති ලේකම්වරයා සහ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා අදාළ තිරිඟු පිටි සමාගම් දෙක සමඟ සාකච්ඡා කොට පෙර මිලටම තිරිගු පිටි ලබා දීමට කටයුතු කරන ලෙස
දන්වා ඇත.
ඒඅනුව සාමාන්‍ය පරිභෝජනයට සහ බේකරි නිෂ්පාදනයන් සඳහා භාවිත කෙරෙන පිටිවල මිල කිසිදු ආකාරයතින් ඉහළ නොයන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
2016 ජූලි 14වැනි දින තීරිගු පිටි සඳහා උපරිම සිල්ලර මිල ලෙස රුපියල් 87ක් ලෙස ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයක පත් කළ බව පවසන අමාත්‍යවරයා, එම සමාගම් දිගින් දිගටම මිල වැඩි කරන
ලෙස ඉල්ලා සිටියද රජය පාරිභෝගික ජනතාව අපහසුතාවට පත් කිරීමට නොහැකි බැවින් මිල වැඩිනොකිරීමේ ස්ථාවරයේ සිටි බවද වැඩිදුරටත් කියා සිටියේය.
බේකරි නිෂ්පාදනයන් මේ වන විට පසුගිය සති කිහිපයකට පමණ පෙර රුපියල් 5කින් පාන් මිල වැඩි කළද පාන්පිටි මිල වැඩි වීමක් සිදු නොවන නිසා නැවතත් කිසිදු ආකාරයකින් බේකරි නිෂ්පාදනවල මිල වැඩි වීමක් සිදු නොවන බවද අමාත්‍යවරයා පැවසීය.