මේ අනුව එක්සත් ජාතික පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ඊ පී ඩී පී , ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, මුස්ලිම් ජාතික සන්ධානය,දේශ විමුක්ති ජනතා පක්ෂය යන පක්ෂවලට, මෙරට ඡන්ද ක්‍රමය කෙසේ සකස් විය යුතුද යන්න පිළිබඳ අද (2021.09.06) කරුණු ඉදිරිපත් කරන්නැයි ආරාධනා කර ඇත.
කාරක සභාව සභාපති අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිත බව කාරක සභාවේ ලේකම්, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්,කාර්ය මණ්ඩල ප්‍රධානි, කුෂානි රෝහණධීර මහත්මිය පැවසුවාය.
දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන්, නිමල් සිරිපාල ද සිල්වා, ජී. එල්. පීරිස්, පවිත්‍රාදේවී වන්නිආරච්චි, ඩග්ලස් දේවානන්දා, විමල් වීරවංශ, එම්. යූ. එම්. අලි සබ්රි යන අමාත්‍යවරුද ජීවන් තොන්ඩමන්, අනුර දිසානායක, කබීර් හෂීම්, රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන්, එම්. ඒ. සුමන්තිරන්, මධුර විතානගේ, සාගර කාරියවසම් යන මන්ත්‍රීවරුද මෙම, විශේෂ කාරක සභාව නියෝජනය කරති.