රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, අද (06) කොරෝනා වසංගතය නිසා උද්ගතව ඇති ආර්ථික ගැටළු නිරාකරණය පිණිස ගෘහ ආර්ථිකය සහ ස්වයං රැකියා ප්‍රවර්ධනය ඉවහල් කරගත හැක්කේ කෙසේද? යන්න පිළිබඳව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
පෞද්ගලික අංශ වලින් කරන වෙළඳ කටයුතු වල කිසිඳු ආකාරයක බාධාවක් වන ලෙස කටයුතු කිරීමට ආණ්ඩුවට කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බව පෙන්වා දුන් අමාත්‍යවරයා එහෙත්, පෞද්ගලික අංශය විසින් විශේෂයෙන් වසංගත තත්ත්වයක් පවතින කාලයක රටේ සමස්ත ජනතාවම ඔවුන්ගේ ක්‍රියාකලාපයන් තුළ දී අපහසුතාවයන්ට පත් කිරීමට කූට ව්‍යාපාර ගෙන යාම සම්බන්ධයෙන් රජය මැදිහත් වීමක් සිදු කරන බව මෙහි දී අමාත්‍යවරය විසින් අවධාරණය කළේය.
ගොවියා මෙන්ම පාරිභෝගිකයා ආරක්ෂා කිරීමත් රජයේ වගකීමක් වන බව සඳහන් කළ හෙතෙම රජය සීනි සම්බන්ධව කටයුතු කළ ආකාරයටම සහල් සඳහා ද අවශ්‍ය වැඩකටයුතු ආරම්භ කොට තිබෙන බවත්, එවැනි කටයුතු කිරීමේ දී රජයත් සමඟ මිතුරු ද නැද්ද යන්න පිළිබඳව කිසිදු අදාළත්වයක් නොමැති බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
ආනයනය කොට තිබෙන සහ ගබඩා කොට තිබෙන සීනි ප්‍රමාණයන්, දේශීයව නිපදවන සීනි ප්‍රමාණයත් සමඟ වෙළඳපොලේ කෘතීම හිඟයක් මවා පෑම් කොට සිනි හිඟයක් තිබීම නිසා සීනි මිල ඉහළ දැමීමට කටයුතු කරනවාය යන්න ජනතාවට ඒත්තු ගැන්වීමට විපක්ෂය විසින් කටයුතු කරමින් සිටින බවත්, එහෙත් ලෝක වෙළඳපොලේ මිල ඉහළ යාමත් සමඟ සීනි වල මිල ද ඉහළ යාම දක්නට ලැබුණ බවත් කියා සිටි හෙතෙම, මේ වන විට රජය සතු සීනි සමාගම් ඔවුන්ගේ නිෂ්පාදනය වැඩි කොට ඇති බව ද සඳහන් කර සිටියේය.
එහෙත්, දේශීයව සහ විදේශීයව රජය ගන්නා ක්‍රියාමාර්ග ගන්නා ක්‍රියාමාර්ග වලට වැරදි අර්ථකතනයක් ලබා දීමට ඇතැමුන් උත්සහා කරමින් විටෙක, අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනය සඳහා කොමසාරිස්වරයෙකු පත්කිරීම ඇතැම් විදේශීය මාධ්‍ය වල පවා ප්‍රචාරය වූයේ මෙරටට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට රජයට මුදල් නොමැති බවක් යන්නත් මෙහි දී අමාත්‍යවරයා විසින් පෙන්වා දුන්නේය.
එහෙත්, එලෙස වගකිවයුතු පුද්ගලයෙකු පත් කිරීම මඟින් මෙරට ඇතැමුන් විසින් වංචා සහගතව සඟවා තබා ගත් සීනි තොග මෙට්‍රික් ටොන් 30,000 කට ආසන්න ප්‍රමාණයක් රජයට පවරා ගැනීමට හැකියාව ලැබුණු බවත්, එහෙත් එම පවරා ගැනීම් ද සිදු කරනු ලැබූයේ සඟවා තබා ගත් පුද්ගලයින්ටත් යම් කිසි ආකාරයේ මුල්‍ය සහනයක් ලබා දීමෙන් ද අනතුරුව බවත් ඒ අනුව රුපියල් 122 ත් 125 ත් අතර මිලකට මේ වන විට සමුපකාර හා සතොස වෙළඳ තුලත් අනිත් වෙළදපොලවලටත් ලබා දීමට කටයුතු කර තිබෙන බව ද හෙතෙම කියා සිටියේය.
ඒ අනුව, මෙරට මසකට අවශ්‍ය ප්‍රමාණයක සීනි තොග සඟවා තබා ගැනීම පිටුපස ව්‍යාපාරික යම් කුට උපක්‍රමයක් තිබුණු බව ඉතා පැහැදිලි කරුණක් බව සදහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා, වත්මන් රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ දී ජනතාව අපහසුතාවයට පත් නොවන ආකාරයෙන් වෙළදාමක් ව්‍යාපාරයක් කිරීමට අතහිත දීම බවත්, සාධාරණ ලෙස ලාභ ඉපයීම සම්බන්ධයෙන් රජයේ කිසිඳු විරුද්ධත්වයක් නොමැති බවත් මෙහි දී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.