රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මේ බව කියා සිටියේ අද (06) කොරෝනා වසංගතය නිසා උද්ගතව ඇති ආර්ථික ගැටළු නිරාකරණය පිණිස ගෘහ ආර්ථිකය සහ ස්වයං රැකියා ප්‍රවර්ධනය ඉවහල් කරගත හැක්කේ කෙසේද? යන්න පිළිබඳව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙරට ක්‍රියාත්මක වන එන්නත්කරනයේ ප්‍රගතිය පිළිබඳව මෙරටට ප්‍රසංශා කිරීම් සිදු වන විට, ඇතැම් ප්‍රතික්ෂේපිත පක්ෂ විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ රට තුළ නොමැති බව පෙන්වමින් විවිධ මාතෘකා ඔස්සේ ජනතාව වෙත ව්‍යාජ පුවත් ගෙන යාම දක්නට ලැබෙන බවත් සඳහන් කල ඒ මහතා, යම් කිසි ආකාරයක රජය විසින් ගෙන යන යාන්ත්‍රණය බිඳ දැමීමට කටයුතු කරමින් ජනතාව අපහසු තාවයට පත් කිරීමට කටයුතු කරන්නේ නම් ඊට රාජ්‍ය මැදිහත්වීමක් සිදු කරන බවත්, සීනි මිල සම්බන්ධව රජය මැදිහත් වුවක් මෙන්ම, ඉදිරියටත් එවැනි දේ සිදු වුවහොත් රජය මැදිහත් වීම සිදු කරන බවත් මෙහි දී අවධාරණය කළේය.
විපක්ෂයේ මතය ඉදිරියට ගෙන යාම සම්බන්ධව වත්මන් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවේ කිසිඳු විරුද්ධත්වයක් නොමැති බවත්, සක්‍රීය විපක්ෂයක අවශ්‍යතාවය ඉතාමත් වැදගත් බවත් එමඟින් රජයෙන් සිදු වන යම් යම් අඩුපාඩු නිවැරදි කරගෙන යාමට පහසුවක් ඇති වන බවත් සඳහන් කළ හෙතෙම, එහෙත් වෙනත් රටවල සක්‍රිය විපක්ෂ හා සසදා බැලීමේ දී අප රටේ විපක්ෂය විසින් සිදු කරන්නේ ඔවුන්ගේ දේශපාලන අරමුණු මුදුන්පත් කරගැනීම පමණක් බවත්, එහෙත් ජනතාව උදෙසා ගෙන යන එන්නත්කරණය කිරීමට ගෙන යන වැඩපිළිවෙලට ද අකුල් හෙළීම පිළිබඳව විපක්ෂය පිළිබඳව ඉතාමත් කණගාටු වන බවත් මෙහි දී අමාත්‍යවරයා සදහන් කර සිටියේය.
මහත් පරිශ්‍රමයක් දරමින් රජය විසින් ගෙන යනකොවිඩ් මෙරටින් තුරන් කිරීමේ වැඩපිළිවෙල සඳහා වුව ද විපක්ෂයෙන් කිසිඳු සහයෝගයක් වචනයකින්වත් ලබා දී නොමැති බව බලවත් කණගාටුවක් බවත් සඳහන් කළ හෙතෙම, රජය බැඳී සිටින්නේ ජනතාවට මිස කිසිඳු ප්‍රතිපත්තියක් නොමැති විපක්ෂයට නොවන බවත්, විපක්ෂයට පිළිතුරු දීමට වඩා කොවිඩ් 19 වසංගතය පාලනය කොට රට යථාතත්ත්වයට පත් කර ජනතාව සාමාන්‍ය කරණය කර රට විවෘත කිරීම මේ වන විට රජයේ අරමුණ වී තිබෙන බවත් හෙතෙම මෙහි දී අවධාරණය කර සිටියේය.