හදිසි නීති විවාදයට පක්ෂව ඡන්ද 132කුත් විපක්ෂව ඡන්ද 51කුත් ලැබුණු බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් නිවේදනය කළේ ය.
ඒ අනුව අත්‍යවශ්‍ය ආහාර සැපයීම සඳහා වන හදිසි නීති රෙගුලාසි පිළිබඳ ඡන්ද විමසීමේදී යෝජනාව වැඩි ඡන්ද 81කින් සම්මත විය.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය 30 වනදා පනවන ලද හදිසි නීති රෙගුලාසිවලට අදාළ ප්‍රකාශනය අද 06 වන සදුදා පෙ.ව 10.00 සිට ප.ව 4.30 දක්වා විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කර ගැනීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (02) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. අතිගරු ජනාධිපතිවරයා විසින් මහජන ආරක්ෂක ආඥා පනතේ 2 වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට අදාළව මෙම හදිසි නීතී රෙගුලාසි පනවනු ලැබීය.