රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී “කොරෝනා වසංගතය නිසා උද්ගතව ඇති ආර්ථික ගැටළු නිරාකරණය පිණිස ගෘහ ආර්ථිකය සහ ස්වයං රැකියා ප්‍රවර්ධනය ඉවහල් කරගත හැක්කේ කෙසේද” යන මාතෘකාවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (06) දෙපාර්තමේන්තුවේ සංවිධානය කර තිබූ මාධ්‍ය සාකච්ඡාවට සහභාගීවෙමිනි.
ස්වයං රැකියා නියුක්තිකයින් සවිබලගැන්වීමේ වැඩපිළිවෙල යටතේ දැනටමත් එක්ලක්ෂ දසදහසක පමණ පිරිසක් අදාළ ප්‍රතිලාභ ප්‍රදානය සඳහා හඳුනාගෙන ඇත. එම තෝරාගැනීම් ස්වයං රැකියා නියුක්තිකයින්ගේ ව්‍යාපාර ක්ෂේත්‍රයට අදාළ වන රාජ්‍ය ආයතනවල නිර්දේශ හා විමර්ශන මත නිසි ක්‍රමවේදයක් යටතේ සිදුකළ බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. සමෘද්ධිලාභීන්, අඩුආදායම් ලබන්නන් හා කුඩා ව්‍යාපාරවල නියුතු පුද්ගලයින් මේ සඳහා තෝරාගන්නා ලදී. මේ වනවිටත් එම වැඩපිළිවෙල සාර්ථකව සිදුකෙරෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මේ යටතේ එම තැනැත්තන්ට ආර්ථිකමය ආධාර, පුහුණු අවස්ථා හා විෂය දැනුමද ලබා දෙයි. සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන, රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන ප්‍රධාන වැඩපිළිවෙල දෙකින් එකක් ලෙස මෙම වැඩපිළිවෙල දියත් කරයි.
අනෙක් ප්‍රධාන වැඩපිළිවෙල වන්නේ සෞභාග්‍යා සංවර්ධන කාර්යාංශය ක්‍රියාත්මක කරන නිෂ්පාදන ගම්මාන වැඩසටහන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මේ වන විටත් එවැනි නිෂ්පාදන ගම්මාන 500 ක් ආරම්භ කර ඇති බවයි.
යම් නිෂ්පාදනයක් සඳහා අමුද්‍රව්‍ය වැනි සාධක දැනටමත් පවතින එක් ග්‍රාම සේවා වසමක් හෝ කිහිපයක් එක් කර එම කලාපය එක් නිෂ්පාදන ගම්මානයක් ලෙස වැඩිදියුණු කරයි. මෙහිදී දැනටමත් එම ප්‍රදේශවල කුඩා පරිමාණ නිෂ්පාදනවල නියැළෙන්නන්ගේ නිෂ්පාදනය පුළුල් කර වැඩිදියුණු කිරීමට රජයේ සහාය ලබාදෙයි. උදාහරණයක් ලෙස කුඹල් කර්මාන්තය, පන්, වේවැල් කර්මාන්තය වැනි දේශීය අමුද්‍රව්‍ය වලින් නිපැයුම් කරන ගම්මානයන් සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන ලෙස සංවර්ධනය කෙරේ. විසිතුරු මත්ස්‍ය නිෂ්පාදනය වැනි අපනයනය ඉලක්ක කරගත් නිෂ්පාදනයන්ද මීට අයත් වේ.
මෙම වැඩපිළිවෙල මගින් වසරේ අවසන් කාර්තුව වන විට රුපියල් බිලියන 02 ක ඉපැයීමක් ජාතික ආර්ථිකයට එක්කිරීමට අපේක්ෂිතය. එමෙන්ම, එක් නිෂ්පාදකයකුගේ මාසික ආදායම රුපියල් තිස්දහස ඉක්මවනු ඇතැයි බලාපොරොත්තු වේ. නිෂ්පාදන ගම්මානවලට අයත් ඇතැම් ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ලැබීමට වසර දෙකක් පමණ ගත වේ. මේ වන විට නිෂ්පාදකයින් 50,000 ක් පමණ මේ සඳහා යොමු කර ඇත. මෙම නිෂ්පාදන ගම්මාන වැඩපිළිවෙලින් එළඹෙන වසර වන විට ජාතික ආර්ථිකයට රුපියල් බිලියන 18 ක් පමණ එක් කිරීමට අපේක්ෂිතයි.
සමෘද්ධි ව්‍යාපාරය පිළිබඳව අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා ආර්ථිකමය වශයෙන් ශක්තිමත් ලෙස ඉදිරියට ගෙන යා හැකි පිරිස හඳුනාගෙන ඔවුන් නගා සිටුවීමට කටයුතු කරන බව පැවසීය. ශාඛා 1100 කින් පමණ සමන්විත වන සමෘද්ධි බැංකු ජාලය වත්මන් මූල්‍ය අවශ්‍යතාවන්ට සරිලන පරිදි නවීකරණය කරමින් වඩාත් ජනතා හිතවාදී ලෙස වැඩිදියුණු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එමඟින් ග්‍රාමීය ජනතාව පෙළන ක්ෂුද්‍ර ණය ගැටලු වලින් ඔවුන් මුදා ගැනීමටද අපේක්ෂිතය. ඉතා අඩු අගයකින් යුතු සහන ණය පොලී අනුපාත හා මිත්‍රශීලී සේවාවන් ලබාදෙමින් ග්‍රාමීය ජනතාවට නව සහායක් සමෘද්ධි බැංකු ජාලය තුළින් ඉදිරියේදී පිරිනැමේ.
කොරෝනා වසංගත වාතාවරණය තුළ පවා සිය අමාත්‍යාංශය මෙම වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා, අප මුහුණ පා සිටින අභියෝග හමුවේ දේශීය නිෂ්පාදනය වර්ධනයකොට ජාතික ආර්ථිකය සවිමත් කිරීම එකම සාර්ථක විකල්පය බව අවධාරණය කළේය.