රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පවතින වසංගත තත්ත්වය හමුවේ ලක්වාසී සහ ලෝ වාසී ජනතාවට සෙත් පතමින් වසංගතයෙන් මිදීමට ආශිර්වාද ලබාගැනීම උදෙසා එළඹෙන 09 වනදා ක්‍රියාත්මක කිරීමට නියමිත රටපුරා සිත් සුවපත් කරන පිරිත් සජ්ජායන වැඩසටහන පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
මෙම දහම්පාසල් පිරිවෙන් හා භික්ෂූ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශය පළමු වතාවට ඇතිකළ රාජ්‍ය අමාතයංශයක් බවත් ජනපතිගේ වැඩපිළිවෙල යටතේ රටට ගුණගරුක සාරධර්ම වලින් පිරිපුන් පුරවැසියන් බිහිකරගැනීමට අවශ්‍යවනවා සේම පරපුරෙන් පරපුරට මෙරටට සිල්වත් ගුණවත් නැණවත් ධර්මය උගත් භික්ෂූන්ගේ අවශ්‍යතාවයද වැදගත් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මේ වන විට පිරිවෙන් අධ්‍යාපනයද ඉතා සාර්ථකව සිදුවන බවද, මාර්ගගත අධ්‍යාපනය සදහාද ශිෂ්‍ය භික්ෂුන්වහන්සේලා හුරු කරගෙන යන බව සදහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා රජයෙන් ලැබෙන මුදල් වලට වැඩි ප්‍රමාණයක් පරිතයාගශීලීන්ගෙන් සහ ධානපතියන්ගෙන් ලැබෙන බවද පැවසුවේය.
මෙලෙස භෞතික සංවර්ධනය අමාත්‍යංශය ඔස්සේ සිදුවන අතර ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියද යහපත්ව සිදුවන බව ඔහු පැවදුවේය.