අග්‍රාමාත්‍යවරයා විසින් කරන ලද ඉලිමට අනුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා පොලිස් රථවාහන අංශය හා එක්ව මේ පිළිබඳව කමිටුවක් පත් කොට අදාළ ත්‍රී රෝද රථ සංගම් සමඟ මෙම කරුණ දීර්ඝ ලෙස සාකච්ඡා කොට නීත්‍යනුකුල කටයුත්තක් බවට පත් කිරීමට හැකියාව ලැබුණු බව අමාත්‍යවරයා මෙහි දී කියා සිටියේය.
රිය අනතුරකට භාජනය වීමේ අවදානමක් තිබෙන යම් යම් අලංකරණ අංගෝපාංග ත්‍රිරෝද රථ වලට එක් කළ නොහැකි සහ එක් කළ හැකි අලංකරණ උපාංග පිළිබඳවත් මේ මඟින් ඉදිරිපත් කොට තිබේ.
ඒ අනුව, මෙම ගැසට් නිවේදනය පෞද්ගලික භාවිතා කරන සහ කුලී ත්‍රීරෝද රථ යන දෙපාර්ශ්වයටම පොදු වන අතර මෙය අනිසි ලෙස භාවිතා නොකරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
ඉදිරියේ දී තවත් ඇතැම් වාහන අලංකරණ කටයුතු සම්බන්ධයෙන් ද ගැසට් පත්‍රයක් ඉදරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් මෙහි දී අමාත්‍යවරයා විසින් වැඩිදුරටත් සඳහන් කර සිටියේය.