නවසීලන්ත රජය සහ ජනතාව සමඟ එම සිද්ධිය සම්බන්ධයෙන් ශෝකය බෙදා ගන්නා බවද සභානායකවරයා සඳහන් කළේය.
එවැනි ක්‍රියාවකට යළි ඉඩ නොතබන ආකාරයෙන්, ත්‍රස්තවාදයේ දරුණුකම හඳුනාගෙන කටයුතු කිරීමේ වැදගත්කම ජාත්‍යන්තරය හා අද යළිත් මතුව තිබෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙරට ජනතාවගේ ආරක්ෂාව, සුබ සිද්ධිය සඳහා, මේ බරපතළ අවස්ථාවේ අත්‍යවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසිවලට සියලුදෙනා සහයෝගය දක්වනු ඇතැයි සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේය.
ජනතාවට ඉතාමත් අත්‍යවශ්‍ය සහල්, සීනි ආදී ආහාර තොග වංචා සහගතව සඟවා තබා ගැනීම වැනි තත්ත්වයක් මතුව තිබෙන බවත්, මහජන ආරක්ෂක ආඥා පනත යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව අතිගරු ජනාධිපතිතුමා විසින් ප්‍රකාශයට පත් කළ, අත්‍යවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළව පාර්ලිමේන්තුවේ සම්මතය සඳහා ඉදිරිපත් කර ඇති බවත් සභානායකවරයා පැවසීය.
සභානායක අධ්‍යාපන අමාත්‍ය, දිනේෂ් ගුණවර්ධන මහතා මෙම අදහස් පළ කළේ (06 ) පාර්ලිමේන්තුවේ ප්‍රධාන කටයුතු ආරම්භයට පෙර ප්‍රකාශයක් කරමිනි.