කොවිඩ් මරණ අනුපාතය අතින් ශ්‍රී ලංකාව ආසියාවේ දෙවන තැනට පත්වී ඇති බවසහ ශ්‍රී ලංකාව ඇතුව රටවල් 03ක කොරෝනා මරණ සංඛ්‍යාව අගෝස්තු මාසය අවසන් වන විට 15%කින් ඉහළ ගොස් ඇතැයිද මාධ්‍ය විසින් පළකර ඇති පුවත් පිළිබදව විමසීමේ දී රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවේය.
අගෝස්තු මාසයේදී රෝගීන් සංඛ්‍යාව බලාපොරොත්තු නොවන තරම් වේගයකින් වැඩි වුණු බවද, රෝගීන් සුළු ප්‍රමාණයක් වාර්තා වීමේදී ඒ අතර අවධානම් සහිත අය සිටීමේ සම්භාවිතාව අඩු වුවද, රෝගය ක්‍රමයෙන් ව්‍යාප්තිය වැඩි වීමේදී අවධානම් සහිත පුද්ගලයන් රෝගයට ගොදුරු වීමේ ප්‍රවණතාවය ඉහළ යමින් එහි ප්‍රතිඵලයක් ලෙස බලාපොරොත්තු නොවන ප්‍රමාණයකට සංකූලතා ඇතිවන බවද, මරණ සංඛ්‍යාව ඉහළ යාමට හේතුව මෙය බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේය.
ලංකාවේ බොහෝ වේලාවට මරණ වලින් 100%ක්ම සොයා ගන්නා බවද, නිවෙස් වල සිදුවූ මරණ පවා පී සී ආර් පරීක්ෂාවන්ට භාජනය කරමින් කොවිඩ් මරණ විශාල ප්‍රමාණයක් සක්‍රීය ලෙස සොයාගන්නා බවද, සෑම කොවිඩ් මරණයක්ම උපරිම මට්ටමෙන් වාර්තා වන බවද ඔහු සදහන් කළේය.
කොවිඩ් මරණ උපරිම මට්ටමෙන් වාර්තා වීමේදී ජනගහණයට සහ රෝගීන්ට සාපේක්ෂව අප රටේ මරණ සංඛ්‍යාව අනෙක් රටවලට සාපේක්ෂව එක්තරා ලෙසකට ඉහළ යා හැකි බවද, මෙම ඩෙල්ටා ව්‍යාප්තියත් සමග රෝගයට ගොදුරු වීමට පහසු ජන කොට්ඨාශ වලට මියයාමට ඇති ඉඩකඩ ඉහළ යාමත් මෙම තත්ත්වයට හේතු වූ බව ඔහු කියා සිටියේය.
කොවිඩ් රෝගයට ගොදුරු වීමට ඉඩකඩ ඇති අය අතරේ එන්නත් ලබානොගත් බොහෝ පිරිසක් සිටි බවද, වයස වැඩි වීම නිසා එන්නත් ගැනීමට මැලිවීම, ලෙඩ වලින් පෙළීම නිස එන්නත ලබාගැනීමට මැලිවීම සහ නිවෙස් වල අය මොවුන් එන්නත්කරණයට ලක්කිරීමට මැලිවීම ආදී හේතු මොවුන් එන්නත ලබානොගැනීමට බලපෑ බවද මේ නිසා බලාපොරොත්තු වුණු වේගයට කොවිඩ් රෝගයට පහසුවෙන් ගොදුරු විය හැකි ජනතාවට එන්නත් ලබාගැනීම සිදුනොවුණු බවද ඔහු සදහන් කළේය.
මෙම තත්ත්වයන් දැන් නිවැරදි වී ඇතැයිද, එවැනි ජනතාව දැනුවත් කරමින් එන්නත් ලබාදීමට කටයුතු කරන බවද සදහන් කළ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ, තවමත් මිය යන්නේ අධික රෝගීන් සංඛ්‍යාවක් පැමිණි කාලසීමාව තුළ ඇතුලත් කළ රෝගීන් බවයි