කොරෝනා වසංගතය නිසා උද්ගතව ඇති ආර්ථික ගැටළු නිරාකරණය පිණිස ගෘහ ආර්ථිකය සහ ස්වයං රැකියා ප්‍රවර්ධනය ඉවහල් කරගත හැක්කේ කෙසේද? යන්න පිළිබඳව අද (06) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය
ඇතැම් භාණ්ඩ සම්බන්ධයෙන් ආනයනය සීමා කර ඇති විටෙක මෙරට නිෂ්පාදනය වැඩි නොවන තාක් මිල පාලනය සම්බන්ධව බලාපොරොත්තු තැබිය නොහැකි බව සඳහන් කළ ඒ මහතා, රට තුළ නිෂ්පාදනය වැඩි කිරීම සඳහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගැනීමට සිදුවෙන බවත්, දෙබිඩි පිළිවෙතක් අනුගමන මඟින් කිසිඳු විටෙක රටක් ඉදිරියට ගෙන යා නොහැකි බවත්, එමෙන්ම, පවතින කොරෝනා වසංගතය හමුවේ වුව ද, නිෂ්පාදන, ඉදිකිරීම්, කෘෂි, ධීවර යන ක්ෂේත්‍ර වලට කිසිඳු බලපෑමක් ඇති නොවන ආකාරයෙන් ඔවුන්ගේ කටයුතු කරගෙන යාමට අවශ්‍ය පසුබිම සකස් කර දී තිබෙන බවත් කියා සිටියේය.
වත්මන් රජය විසින් ආයෝජකයින්ට මිත්‍ර ශීලි පරිසරයක් සකස් කොට තිබෙන අතරම වරාය නගර බිහිකිරීම මඟින් අනාගත ආර්ථික මරමස්ථානයක් ඇති කරවීම වැනි කටයුතු කෙරෙහි රජයේ අවධානය යොමුව තිබීම මෙන්ම ඊට අවශ්‍ය සියලු පසුබිම සකස් කොට අවසන් කර ඇති බවත්, අගමැතිවරයාගේ උපදෙස් මත තම අමාත්‍යංශය මඟින් ස්‌වයං රැකියා සහ අලුතින් ආයෝජකයින් වීමට කැමති ලක්ෂ දෙකක පිරිස් ශක්තිමත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කොට අවසන් බවත්, ඉන් එක්ලක්ෂ දහදාක පමණ පිරිසක් තෝරා ගෙන විධිමත් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කොට ඇති බවත් ෂෙහාන් සේමසිංහ මහතා මෙහි දී ප්‍රකාශ කළේය.
ඒ අනුව, මේ සඳහා සියලු අමාත්‍යංශ හා සම්බන්ධීකරණය කොට මෙම ක්‍රියාමාර්ග ගෙන ඇති අතර යම් අයෙකුට ස්වයංරැකියා ලාභියෙකු ඉදිරියට සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය නම් අදාළ අමාත්‍යංශයන් හා සම්බන්ධීකරණය කර ගැනීමේ හැකියාව තිබෙන අතර මෙම වැඩසටහන සමෘද්ධි සහන්ධර ලබන පුද්ගලයින්ට පමණක් නොව ඕනෑම පුද්ගලයෙකුට සම්බන්ධ වී තම ව්‍යාපාරය දියුණු කර ගැනීම මෙන්ම, රටේ ආදායමටත් දායක විය හැකි බවත් මෙහි දී අවධාරණය කළේය.
සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තියට අනුව, නිෂ්පාදන ගම්මාන 500 ක වැඩකටයුතු මෙම වසරේ දී ආරම්භ කොට තිබේ. එමඟින් පමණක් මෙම වසර අවසාන වන විට ජාතික අදායමට එකතු කිරීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වනඅදායම බිලියන 2 කි.
ඒ අනුව, ලබන අවුරුද්ද වන විට මෙම නිෂ්පාදන ගම්මාන හරහා ස්වයං රැකියාලාභීන් 50,000 ක් ඇති කරවීමත්, එමඟින් ජාතික අදායමට බිලියන 18 ක රටේ අදායම වැඩි කිරීමටත් බලාපොරොත්තු වන අතරම මෙරට නිෂ්පාදනය සඳහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගනු ලබන බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.