පෙබරවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    දේශීය ගොවියා ශක්තිමත් කරමින් ආනයනික ලොකු ලූණු සඳහා රුපියල් 40ක බද්දක්

    සැප්තැම්බර් 07, 2021

    ඊයේ රාත්‍රී 12 සිට ලොකු ලූණු ආනයනය කරනවා නම් ඒ සදහා රුපියල් 40ක බද්ධක් පැනවෙන බවත්, දේශීය ගොවියා ශක්තිමත් කිරීමේ අරමුණෙන් රජය මෙම තීන්දුව ගත් බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

    ඔහු මේ බව පැවසුවේ, අද (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    ඊයේ දින කැබිනට් මණ්ඩලයේදී මුදල් අමාත්‍යවරයාට මෙම යෝජනාව ඉදිරිපත් කරමින් ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබාගත් බවද, මෙරට ලොකු ලූණු ජාතික අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 2,90,000ක් බවද කෘෂිකර්ම අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මේ වන විට ගොවීන් ලොකු ලූණු ගලවන බවද, මේ සදහා බද්දක් අය නොකළ අතර රුපියල් 15ක් මෙතෙක් ගෙවූ බව සිහිපත් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ මෙම මාස දෙකේ ලොකු ලූණු මෙට්‍රික් ටොන් 60,000ක් වෙළදපොළට එන බවයි.

    මෙවැනි අවස්ථාවක ලොකු ලූණු ආනයනයට පියවර ගතහොත් එය දේශීය ගොවියාට ගැටලුවක් වන බව සලකා මෙම තීරණය ගත් බව සිහිපත් කළේය.

    ඉදිරි මාස දෙකෙහි දේශීය ලොකු ලූණු ගොවීන්ට කිසිදු ගැටලුවක් ඇති නොවන බවද, ඔවුන්ගේ නිෂ්පාදන සදහා හොද මිලක් හිමිවන බවද කෘෂිකර්ම අමාත්‍යවරයා අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya