තරුණ තරුණියන්ට ලබා දෙන ඒන්නත් වර්ගය කුමක් වුවත් ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණය වැඩි කිරීමේ හැකියාව එම එන්නත්ට පවතින බව පර්යේෂණ මගින් තහවුරු වී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
වයස අවුරුදු 20ත් 30ත් අතර තරුණ තරුණියන් සඳහා ඊයේ දින සිට ආරම්භ වූකොවිඩ් මර්ධන එන්නත ලබා දීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
කළාපීය රටවල් අතුරින් ෆයිසර් එන්නත ලැබීමේ ප්‍රමුඛතාවය ලැබුණේ ශ්‍රී ලංකාවට බවත් දැනට එම එන්නත් ලැබෙන්නේ සතියකට වරක් පමණක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා එළඹෙන ඔක්තොම්බර් මාසයේ සිට එන්නත් මාත්‍රා මිලියන හතරක් පමණක් ප්‍රමාණයක් ලැබීමට නියමිත බවද පැවසීය.
තවද, එළඹෙන ඉරිදා වන වන විට සියළුම ග්‍රාම නිලධාරී වසම් වල වයස අවුරුදු 30 වැඩි පිරිසගේ එන්නත්කරණය නිම කළ හැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
චීනයේ සිට ලැබීමට නියමිතව තිබූ එන්නත් ප්‍රමාණය ලැබීම දින දෙකකින් පමණ ප්‍රමාද වූ බවත් මේ හේතුවෙන් ඇතැම් ග්‍රාම සේවා වසම් සඳහා එන්නත් ලැබීම ප්‍රමාද වී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.