පෙබරවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    නව ආදායම් මාර්ග වෙත යොමු විය යුතුයි- මුදල් අමාත්‍ය

    සැප්තැම්බර් 07, 2021

    දේශීය අපනයන තුළින් වැඩිම ආදායමක් ඉපයීම සහ ආනයනය සීමා කිරීම හේතුවෙන් ප්‍රථම වතාවට අඩුම වෙළෙඳ හිගයක් වාර්තා කිරීමට රජයට හැකි වූ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද(07) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

     

    මුදල් පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ සහ ආනයන සහ අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි ත්‍රිත්වයක් විවාදයට ගන්නා අවස්ථාවේ විවාදය ආරම්භ කරමින් මුදල් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    විවාදය ආරම්භ කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, කොවිඩ් වසංගතය හේතුවෙන් අද වන විට රජයට ලැබිය යුතු ආදායමෙන් බිලියන 1500ත් 1600ත් අතර ප්‍රමාණයක් අඩු වී ඇති බවයි.

    රට තුළ ව්‍යාප්ත වී ඇති වසංගතය හේතුවෙන් සුරා බදු දෙපාර්තමේන්තුවෙන් ලැබෙන ආදායම සහ සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායමද අඩු වී ඇති බව පැවසූ මුදල් අමාත්‍යවරයා වසර එක හමාරක් පමණ තිස්සේ වාහන ආනයනය සීමා කර ඇති බැවින් රේගුවෙන් ලැබෙන ආදායමද අඩු වී ඇති බව පෙන්වා දුන්නේය. සංචාරක ව්‍යාපාරය හේතුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 04ක සහ 05ක පමණ ආදායමක් රජයට ලැබූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, පසුගිය මාර්තු මාසයේ සිට එය නතර වූ බවත් විදේශ ශ්‍රමිකයින්ගේ විදේශ සම්ප්‍රේෂණද අඩු වී ඇතැයි පෙන්වා දුන්නේය.

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලැබෙන වැට් ආදායමද සියයට 75කින් පමණ පහත බැස ඇතැයි පැවසූ මුදල් අමාත්‍යවරයා ආදායම අඩු වුණත් වියදම අඩුවී නැතැයිද සඳහන් කළේය.

    දීර්ග කාලයක් තිස්සේ රටේ ආදායමට වඩා වියදම ඉහළ ගොස් ඇති බවත් රටට ලැබෙන ආදායම ඉතා අඩු මට්ටමක පවතින බවද සඳහන් කළ අමාත්‍යවරයා, මෙම තත්වය හමුවේ වුවද රජය රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කිසිදු අඩු කිරීමකින් තොරව ලබා දුන් බවද කීය.
    කොවිඩ් මර්ධන එන්නත් 80% ක් පමණ ප්‍රමාණයක් සඳහා මෙන්ම සහ අනෙකුත් ඖෂධ , ඔක්සිජන් ආනයනය සඳහාද රජයට විශාල මුදලක් වැය වී ඇති බව පෙන්වා දුන්නේය.
    මේ මොහොතේ රටට අත්‍යවශ්‍ය සහ එහි ප්‍රතිඵල ලැබෙන ව්‍යාපෘති සඳහා පමණක් විදේශ ණය ලබා ගන්නා බව කී අමාත්‍යවරයා, පසුගිය රජය සමයේ ගෙවිය යුතු ණය වාරිකද නිසියාකාරව ගෙවීමට රජය කටයුතු කළ බව සඳහන් කළේය.

    මේ හේතුවෙන් නව ආදායම් මාර්ග සඳහා යොමු විය යුතු බවද කී මුදල් අමාත්‍යවරයා මෙතෙක් කලක් විදේශයන්හි සිට ආනයනය කළ සේලයින් ඇතුළු ඇතැම් ඖෂධ වර්ග මෙරටදීම නිපදවීමට කටයුතු කළ බවත් එවැනි ප්‍රතිපත්ති යටතේ විදේශ විනිමය ඉතිරි කර ගැනීමට හැකි වූ බවත් පෙන්වා පෙන්වා දුන්නේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya