අද(සැප්තැම්බර් 07) පැවති පාර්ලිමේන්තු රැස්වීමේදී තරුණ කටයුතු සඳහා සිදු කරන කටයුතු සම්බන්ධයෙන් මයන්ත දිසානායක පාර්තිමේන්තු මන්ත්‍රීවරයා කළ විමසුමකදී පිළිතුරු වශයෙන් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසීය.
මෙහිදී ඉදිරියේදී පැවැත්වීමට නියමිත ක්‍රීඩා තරඟ හා තරඟාවලි ඔන්ලයින් ක්‍රමය යටතේ පැවැත්වීමට කටයුතු කරන්නේද යන්න මයන්ත දිසානායක මහතා විමසූ විට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ, ගෘහස්ත හා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ පැවැත්විය හැකි චෙස් වැනි ක්‍රීඩා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ පැවැත්වෙන බවත්, ජවන හා පිටිය ක්‍රීඩා පැවැත්වීමේදී මෙන්ම කණ්ඩායම් ක්‍රීඩා පැවැත්වීමේදී ජෛව බුබුලක් ලෙස එම කණ්ඩායම තෝරාගෙන එම සංකල්පය යටතේ පුහුණුවීම් හා තරඟ පැවැත්වීම දැනටමත් සිදු කරන බවත්, එය සාර්ථක වී ඇති බවත්, ඉදිරියේදී ද මෙය යොදාගන්නා බවත්ය.