අද (07) උදෑසන UL 455 දරණ ගුවන් යානයෙන් ජපානයෙන්ණ්ඩා පිටත්වූ පිරිස අද සවස 4.20ට පමණ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟා වුනා. ඔවුන් පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් ක්‍රීඩා අමාත්‍යංශය විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ් සංවිධානය කර තිබුණි
රාජ්‍ය අමාත්‍ය තේනුක විධානගමගේ, ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් අනුරාධ විජේකෝන්,ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසිංහ ජාතික ක්‍රීඩා සභාවේ සහ ජාතික පැරාලිම්පික් සංගමයේ සාමාජිකයින් ද ජයග්‍රාහී ක්‍රීඩකයින් පිළිගැනීමේ අවස්ථාවට එක්ව සිටියේය.
ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ F- 46 කාණ්ඩයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් සමග රන් පදක්කමක් හිමි කර ගැනීමට දිනේෂ් ප්‍රියන්ත සමත් විය. F- 64 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් හිමි කර ගත්තේ සමිත දුලාන් ක්‍රීඩකයායි.
අද උදෑසන ජපානයේ ටෝකියෝ සිට මෙරට බලා පිටත් වූ දිනේෂ් ප්‍රියන්ත සහ සමිත දුලාන්ට සුබ පැතුම් එක් කිරීම සඳහා එරට ගුවන් තොටුපොළට ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් එක්ව සිටියේය. ශ්‍රී ලංකා වාහන අපනයනකරුවන්ගේ සංගමය ඔවුන් දෙදෙනාට නවීන මෝටර් රථ දෙකක් ද එහිදී පරිත්‍යාග කර තිබේ. ජපානයේ ශ්‍රී ලංකා තානාපති සජිව් ගුණසේකර මහතා ද එම අවස්ථාවට එක්විය