රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී සුලභව භාවිතා කරන සේලයින් ජලය සහ සෝඩියම් ක්ලෝරයිඩ් අමුද්‍රව්‍ය කොටගත් ද්‍රාවණයකි. මෙතෙක් කලක් සේලයින් ශ්‍රී ලංකාවට විදේශ රටවලින් ආනයනය කෙරිණි. දේශීයව සේලයින් නිෂ්පාදනයට විවිධ අවස්ථාවලදී උත්සහ දැරුවද, එය මෙතෙක් කලක් සාර්ථක නොවුණි. 2012/11/09 දින එවකට රජය සේලයින් නිෂ්පාදනය සඳහා උනන්දුවක් දක්වන පාර්ශව වෙත ඒ
සඳහා ආයෝජනය කරන ලෙස දැන්වීම් පළකර ආරාධනා කරන ලදී. පාර්ශව 20ක් එහිදී ඉදිරිපත් වුවද, තාක්ෂණික අගැයීමකින් පසුව, පාර්ශව 3ක් වෙත අවස්ථාව ලබා දෙන ලදී. කෙසේ නමුත් ඒ එකදු පාර්ශවයකට හෝ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට නොහැකි විය. නැවත 2015 වර්ෂයේ අගභාගයේ සේලයින් නිෂ්පාදනය සඳහා උත්සහායක් දැරිණි. එවරද සමාගම් කිහිපයකට අවස්ථාව ලබා දුන් නමුදු ඒ එකඳු පාර්ශවයක් හෝ ප්‍රගතියක් නොපෙන්වීය.
2019 නොවැම්බර් මස නව රජය බලයට පත්වීමත් සමඟ ඒ වන විටත් සේලයින් නිෂ්පාදනය සදහා කැමැත්ත පළකර තිබූ සියලු සමාගම්වලට වැඩ කටයුතු ආරම්භ කරන ලෙස ආරාධනා කරන ලදී. ඒ අනුව මීට පෙර අවස්ථා දෙකේ දී සේලයින් නිෂ්පාදනය සදහා ඉදිරිපත් වූ නමුත්, කර්මාන්ත ශාලා ඉදිකිරීම සඳහා වැඩ කටයුතු ආරම්භ නොකළ ආයතන 3ක් ඒ සදහා ඉදිරිපත් විය.
ඒ අතරින් මහනුවර, පල්ලේකැලේ කර්මාන්තපුරයේ කැලුන් ලයිෆ් සයන්සස් අයතනය සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමග වූ ගිවිසුමට අනුව ඉදිකිරීම් කටයුතු 2019 දෙසැම්බර් මාසයේ ආරම්භකරන ලදී. වසරක පමණ කාලයක් තුළ කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් නිමා කල පසු සේලයින් නිෂ්පාදනය කර අදාළ තත්ත්ව සහතික සහ ප්‍රමිති සහතික ලබාගෙන කැබිනට් අනුමැතියට යටත්ව 2021/09/01 දින සිට රාජ්‍ය අංශය වෙත සේලයින් සැපයීමට එම ආයතනය ඉදිරිපත්ව සිටි.
රජයේ රෝහල් වල සේලයින් අවශ්‍යතාව මෙමඟින් 100% ක් සපිරෙන අතර අතිරික්තය පෞද්ගලික අංශයට යොමු කිරීමට බලාපොරොත්තු වේ.
මෙම අවස්ථාවට ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය ආර්. එම්. එස්. කේ. රත්නායක මහතා, වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ඩී. ආර්. කේ හේරත් මහතා අධ්‍යක්ෂ වෛද්‍ය එච්. එම්. කේ වික්‍රමනායක මහතා සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක මහතා සහභාගී විය.