කොළඹ නගරය තුළ එන්නත්කරණ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වූ නිසා මේ වන විට ආසාදිතයන්ගේ සහ මරණ වල සැළකිය යුතු අඩුවීමක් දක්නට ලැබෙන බව කොළඹ නගරසභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා (07) මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේය.
සාමාන්‍යයෙන් කොළඹ නගරයෙහි දෛනික ආසාදිතයින් 100 – 140ත් අතර වාර්තා වුණු අතර මේ වන විට එය ක්‍රමිකව අඩුවෙමින් පවතින බවද, දෛනිකවකොළඹින් 15ක් පමණ වාර්තා වුණු මරණ සංඛ්‍යාවද හරි අඩකටත් වඩා අඩුවී ඇතැයිද ඔහු පැවසුවේය.
කොළඹ නගරය තුළ අවුරුදු 30ට වඩා වැඩි පිරිසෙන් 86%ක් අවම වශයෙන් එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති බවද, මේ වන විට වාර්තා වන ආසාදිතයන්ගෙන් 55%ක් පමණ මෙම වයස් කාණ්ඩයේ අය බවද කොළඹ නගරසභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා අවධාරණය කළේය.
මෙම මාරාන්තික රෝගයෙන් වැළකීමට සහ ඔබේ ආදරණීයයන් ඉන් වළක්වාගැනීමට නම් එන්නත් ලබාගැනීම අත්‍යාවශ්‍යයෙන්ම සිදුකරන ලෙස රුවන් විජයමුණි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.