රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (08) පැවති “2025 දී සැමට ජලය ව්‍යාපෘතිය කොවිඩ් මැද ඉදිරියට” විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී නිරෝධායනයට ලක්වූ ජලාපවාහන මණ්ඩලයේ පාරිභෝගිකයන්ගේ ජල බිල්පත් ගෙවීම් සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකදී ඒ මහතා මෙම අදහස් දැක්වීය.
ජනතාවට ඔවුන්ගේ ජීවිතයේ එදිනෙදා ජීවනෝපායන් පවත්වාගෙන යාමට බැරි තත්වයක් උදාවූයේ නම්, එම ප්‍රදේශවල ජල බිල්පත් නොගෙව් පමණින් විසන්ධි නොකර එම ජල බිල්පත් ගෙවීමට ඔවුන්ව උනන්දු කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.