පෙබරවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    රාජ්‍ය ආදායම් වැඩිකරගැනීමට නම් අලුත් ආදායම් මාර්ග සොයාගත යුතුයි- අභියෝග ජයගැනීමට මුදල් ඇමැති සූදානම්-පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර

    සැප්තැම්බර් 08, 2021

    රාජ්‍ය ආදායම් වැඩිකරගැනීමට නම් පසුගිය ආණ්ඩුව මෙන් ජනතාව මත බර නොපටවා අලුත් ආදායම් මාර්ග සොයාගත යුතු බවත් එම අභියෝග ජයගැනීමට මුදල් අමාත්‍යවරයා සූදානම් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි

    ඉකුත් සැප්තැම්බර් මස 07 දා පාර්ලිමේන්තුවේ සම්මත කෙරුණු මූල්‍ය පනත සම්බන්ධයෙන් රජයේ නිල වෙබ් අඩවිය (news.lk) කළ විමසුමකට පිළිතුරු වශයෙන් ඒ මහතා මේ බව පැවසීය.

     

    එහිදී අදහස් දැක්වූ මහචාර්ය රංජිත් බණ්ඩාර මහතා;

    “ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ සභාව ඇමතීම තුළ මුළුමනින්ම පැහැදිළි කෙරුණේ ආර්ථික ගැටලුව කොවිඩි ප්‍රශ්නය එක්ක වැඩිවුණා මිස මෙම ගැටලුව කොවිඩ් ප්‍රශ්නය නිසාම ඇතිවූ එකක් නොවෙයි කියන කාරණයයි.”

    එමෙන්ම “කොවිඩ් ඇතිවන විටත් මේ ආර්ථිකය විශාල පිරිහීමකට ලක්වෙලායි තිබුණේ. එයට ප්‍රධාන හේතු දෙකක් බලපෑවා. එකක් තමයි පසුගිය කාල වකවානුව තුළ විශේෂයෙන් 2015 සහ 19 කාල වකවානුව තුළ ආර්ථිකය කළමණාකරනය කිරීමේ දුර්වලතා සහ අපේ රටට උරුම වූ සමහර සීමාවන් සැළකිය හැකියි.”

    “එමනිසා මෙය එක් අයෙක්ට වරද පැටවීමට පුලුවන් දෙයක් නොවෙයි. මේ තත්වය දීර්ඝ කාලයක් තුළ ඇති වූ
    ප්‍රශ්නයක උග්‍ර වූ අවස්ථාවක්.”
    “ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කිව්වේ මේ රට තුළ ණය නොගෙන ආර්ථිකය ගොඩනගන්නේ කෙසේද යන්නයි. ඒ සඳහා වන වැඩපිළිවෙල කුමක්ද යන්නයි. එතකොට එම වැඩපිළිවෙලෙහි එක් කොටසක් ලෙස තමයි මෙම මුදල් පනත, ආනයන අපනයන පනතේ යම් රෙගුලාසි හා විනිමය සුරැකුම් කොමිසමේ පනත යන පනත්වලට ගෙන ආ සංශෝධන ඉදිරිපත් කර දීර්ඝ විවාදයකින් පසුව පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තේ.”
    එමෙන්ම “එතුමා අයවැය පිළිබඳවත් යම් ඉඟියක් දුන්නා. ඒ තමයි අපි ණය නොගෙන ගෙන යා හැකි ආර්ථිකයක් හදනවා කියන එක. ඒ වගේම ආදායම් වැඩිකරගැනීම සඳහා වන වැඩපිළිවෙලකුත් එතුමා යෝජනා කළා.”
    මීට අමතරව “එතකොට මේ අභියෝග ජයගැනීමට එතුමා සූදානම්. ඒ සූදානමයි වැදගත් වන්නේ. මට පෙනෙන විදිහට වෙළදපොල පුද්ගලික අංශය එම අදහස් දැක්වීම ධනාත්මකව අරගෙන තිබෙනවා. අභියෝග කියන ඒවා පොදුයි. මීට පෙර මීට වඩා බැරෑරුම් අභියෝගවලට අපේ රටට ලෝක ආර්ථිකයත් මුහුණ පා තිබෙනවා. මේ හැම අභියෝගයකදීම අපි එයින් එළියට පැමිණ තිබෙනවා.” එමෙන්ම “සියලු අභියෝග හමුවේ කොයි මාර්ගයේද අපි ගමන් කළ යුතු වන්නේ එතුමා පැහැදිළි කරනවා. බැසිල් රාජපක්ෂ මහතාගේ කතාව දකින්න පුලුවන් ඒ විදිහටයි. රටේ රාජ්‍ය ආදායම් වැඩිකරගැනීමට අවශ්‍ය නම් පසුගිය
    ආණ්ඩුව වගේ ජනතාව මත බර නොපටවා අලුත් ආදායම් මාර්ග සොයාගත යුතුයි. එහෙම කළොත් විතරයි රජයේ ආදායම වැඩි කරගැනීමට හැකිවන්නේ.” “ඩොලර් බිලියන 1600ක් පමණ අපට ආදායම් උපයාගත හැකිව තිබුණු මාර්ගය ඇහිරී තිබෙන බව බැසිල් රාජපක්ෂ මහතා කිව්වා.” යැයි මන්ත්‍රීවරයා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya