අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධාන කළ, “ 2025 දී සැමට ජලය” මැයෙන් දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.
විවිධ බිල්පත් ගෙවීම පාරිභෝගික ජනතාව මුහුණ දෙන ප්‍රශ්නයක් බැවින් ජලසම්පාදන අමාත්‍යංශය ජනතාවගේ ජල පරිභෝජන අවශ්‍යතාව සපුරාලමින් ජල බිල්පත් කිසිදු වැඩි කිරීමකින් තොරව සේවා ලබා දීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යංශයේ අරමුණ ජනතාවගේ බිල්පත වැඩි නොකර තම ආදායම වැඩි කර ගැනීමයි. විවිධ වාණිජ ආයතන හා කර්මාන්ත ශාලා සඳහා ජල සැපයුමෙන් ආදායම වැඩි කර ගැනීමට අපේක්ෂා කරයි. ජලය අපතේ යාම, අයථා ලෙස ජලය ලබා ගැනීම ආදිය හේතුවෙන් ලැබිය යුතු ආදායම අඩු වීම කෙරෙහි ද අවධානය යොමු කර ඇත. තවද ජල සම්බන්ධතා තවත් වැඩි කොට ආදායම වැඩි කර ගැනීමට ඇති හැකියාව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
2025 දී සැමට ජලය ඉලක්කය සපුරා ගැනීමට නම් ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් තිබිය යුතුය. ජල පෝෂක ප්‍රදේශ පවතින්න නම් වෘක්ෂලතා හා වන ගහණය වැඩි කළ යුතුය.
මේ නිසා ජල පෝෂක ප්‍රදේශ වැඩි කිරීමට අවශ්‍ය සහය ලබා ගැනීමට පාසල් ළමුන් , ස්වේච්ඡා සංවිධාන, පරිසර සංවිධාන සහභාගිත්වයෙන් වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙන බව අමාත්‍යවරයා කීය.
සාකච්ඡාවට එක් වූ අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය, ඉංජිනේරු ප්‍රියත් බන්දු වික්‍රම මහතා පෙන්වා දුන්නේ පිරිපහදු ජල සම්පාදනය ජනතාවගේ ජල අවශ්‍යතාවයෙන් සියයට 50කටත් අඩු බවයි. ඒ් අනුව ජල නිෂ්පාදන ධාරිතාව සියයට 100ක් දක්වා වැඩි කළ යුතුවේ. තවද 2025 දී සැමට ජලය ලබා දීමට නම් තව අවුරුදු 4කින් දැන් පවතින අවශ්‍යතාවට වැඩියෙන්
ජලය සම්පාදනය කළ යුතුය. එයට හේතු ජනගහණ වර්ධනය, කර්මාන්ත ශාලා සංඛ්‍යාව වැඩිවීම, සංචාරක කර්මාන්තය වැඩි දියුණු වීම, විවිධ ක්ෂේත්‍ර වැඩිවීම ආදියයි. ඒ් අනුව නිෂ්පාදන ධාරිතාව වැඩි කරමින් සියයට 100ක් පිරිසිදු පානීය ජලය නිෂ්පාදනය කිරීමට ඉවහල් වන වැඩපිළිවෙළක් ආරම්භ ගර ඇති බව අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේය.
මේ සඳහා ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක කිරීමට බලපොරොත්තු වන ව්‍යාපෘති 299ක් හඳුනා ගෙන ඇති අතර එයට දේශීය ඉංජිනේරුවන්ගේ දැනුම හා තාක්ෂණය උපයෝගී කරගනිමින්
ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ඔහු ප්‍රකාශ කළේය.
එමගින් අඩු පිරිවැයකින්, ඉදිකිරීම් වියදම් අවම කරමින් , අපතේ යන ජලය අඩු කරමින් , පිරිපහදු ධාරිතාව වැඩි කරන අතර වියදම අඩු කළ හැකි බව ලේකම් වරයා පැවසීය.
මීට අමතර වශයෙන් ජල කාන්දුවීම්, ජලය අපතේ යාම සහ ජල නාස්තිය අඩු කිරීම හා ජලය අයථා පරිදි ලබා ගැනීමට ඉඩ නොතැබීම, අබලන් තත්ත්වයේ ඇති පරණ ජල නල පද්ධති ප්‍රතිසංස්කරණය, ජල මීටර්වල ඇති යම් යම් අඩුපාඩු ඉවත්කොට කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, ජලය සැපයුම සිදු කෙරෙන සියලු කටයුතු තාක්ෂණය උපයෝගි කර ගනිමින් විමර්ශනය කිරීම ආදි කරුණු කෙරෙහි අවධානය යොමු කර ඇතැයි අමාත්‍යංශ ලේකම්වරයා පැවසුවේය.
මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී කොන්ත්‍රාන්කරුවන්ගේ සහය ලැබිය යුතු අවස්ථා දේශීය කොන්ත්‍රාත්කරුවන් වෙත පමණක් ලබා දීමටත් පහළ සිටින කොන්ත්‍රාත්කරුවන් ද ශක්තිමත් කරමින් ගමට ජල සැපයුම සේම ආර්ථික වශයෙන් වාසියක් ගමට ලබා දීමට ද අපේක්ෂා කෙරේ. මේ සෑම කටයුක්තකදීම ජනතාවගේ සහය ඉතාමත් අවශ්‍ය බව පියත් බන්දු වික්‍රම මහතා සඳහන් කළේය.