පෙබරවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    පොළොන්නරුවේ මහා පරිමාණ සහල් මෝල්වල පැවති වෙළඳපොළවෙත නිකුත් නොකළ සහල් තොග පාරිභෝගික ජනතාවට

    සැප්තැම්බර් 09, 2021

    පොළොන්නරුව ප්‍රදේශයේ මහා පරිමාණ මෝල් හිමියන් සතුව පවතින සහල් තොග ඊයේ (8 ) අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සෙනරත් නිවුන්හැල්ල මහතාගේ සහ පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ඩී.එම්.එස්. දිසානායක මහතාගේ  උපදෙස් පරිදි නීරීක්ෂණය කෙරිණි.

    පොළොන්නරුව ප්‍රදේශයේ සියලු මහා පරිමාණ සහල් මෝල් සතුව පැවති වෙළඳපොළවෙත නිකුත් නොකළ සහල් තොග රජයේ පාලන මිල ගණන් යටතේ පවරා ගැනීමත් සමග සතොස වෙළසැල් වෙත ප්‍රවාහනය කිරීමද එම අවස්ථාවේදීම ආරම්භ කෙරිණි.

    රජය විසින් සහල් සඳහා පාලන මිලක් නියම කිරීමෙන් අනතුරුව ,ප්‍රමාණවත් පරිදි නිෂ්පාදන ධාරිතාවය පවත්වාගෙන යාම සහ හිඟයකින් තොරව සහල් වෙළදපොළට නිකුත්කිරීම පිළිබඳව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා සහ සහල් මෝල් හිමිකරුවන් අතර සාකච්ඡාවක්ද පවත්වා තිබේ.

    නමුත් එකඟ වූ පරිදි ඔවුන් කටයුතු නොකිරීම හේතුවෙන් සහල් තොග රජයට පවරා ගෙන බෙදාහැරීමට කටයුතු කරන ලෙස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා , වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට සහ පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාට උපදෙස් ලබා දී ඇත.

    මෙසේ රජයට පවරා ගත් සහල් තොග ඉතා ඉක්මනින් පාරිභෝගික ජනතාව වෙත නිකුත් කිරීම රජයේ අරමුණ වේ .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya