ඔහු මේ බව සදහන් කළේ, රටෙහි ආර්ථික මධ්‍යස්ථාන වල වත්මන් තත්ත්වය පිළිබදව රජයේ නිල පුවත් වෙබ් අඩවිය සිදුකළ විමසුමකට ප්‍රතිචාර වශයෙනි.
රජය විසින් කොවිඩ් වසංගත තත්ත්වය පවතින මෙම දිනවල දින දෙකක් වසමින් සහ දින 02ක් විවෘතව තබමින් ආර්ථික මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට කටයුතු කරනුයේ ගොවි ජනතාවගේ නිෂ්පාදන අලෙවි කිරීමට තැනක් අවශ්‍ය නිසාත් සහ ආහාර සැපයීම රජය ප්‍රමුඛත්වය ලබාදෙන කටයුත්තක් නිසා බව ද ඔහු සදහන් කළේය.
පසුගිය දින වල දේශීය ලූණු මිලෙහි පහතවැටීමක් වේගෙන ආ බවද, ඒවිට රජය මැදිහත්වී රුපියල් 40ක ආනයන බද්ධක් පැනවීමත් සමග නැවතත් ලූණු මිල 115ට 120ට ළගා වූ බවද, එමගින් දේශීය ගොවියාට සැලකිය යුතු මුදලක් ලැබෙන බවද ඔහු පැවසුවේය.
අල සඳහා රුපියල් 50 බද්ධ දිගටම පවතින බවද, මෙම බද්ධ කිසි විටෙක අඩු නොකළ බවද ඔහු කියා සිටියේය. පාරිභෝගිකයාට වැඩි මිලක් වැය කිරීමට නොදෙමින් මෙන්ම ගොවි ජනතාවට තම නිෂ්පාදන සදහා නිසි වටිනාකමක් නොලැබෙන පරිදි මිල අනවශ්‍ය පරිදි පහත වැටීමට ඉඩ නොදෙමින් මෙම දෙපාර්ශවයම සමබරව පවත්වාගනිමින් කටයුතු කිරීම රජයට අවශ්‍ය බවද, මෙය දැඩි අසීරු කටයුත්තක් බවද, රජය විසින් ප්‍රශ්න රැසක් ඇති මෙවැනි අසීරු අවස්ථාවක පවා ආර්ථික මධ්‍යස්ථානත් විවෘතව තබාගනිමින් සාධාරණව මෙම කටයුත්ත සිදුකරන බවද ඔහු කියා සිටියේය.
එක් අවස්ථාවක ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තබා ඇති විට මේවා ආර්ථික මධ්‍යස්ථාන නොවෙයි කොරෝනා මධ්‍යස්ථාන බවට විපක්ෂ චෝදනා කළ බවද, පසුව සති 02කට ආර්ථික මධ්‍යස්ථාන වැසූ අවස්ථාවේ තම නිෂ්පාදන විකුණාගැනීමට තැනක් නොමැති බව පවසමින් පසුදිනම පාරට බහින ලෙස විපක්ෂය විසින් ගොවීන් පෙළඹවූ බවද මන්ත්‍රීවරයා සිහිපත් කළේය.
මෙය දේශපාලනය කිරීමට වෙලාවක් නොවන බවද, මෙම ප්‍රශ්නයට සියලුදෙනාම ඒකාවන්ව මුහුණ දිය යුතු බවද, මෙය ආණ්ඩුවේ පමණක් ප්‍රශ්නයක් නොවන බව සහ මෙම වසංගත තත්ත්වය සමස්ථ ලෝකයම මුහුණපා සිටින තත්ත්වයක් බවද ඔහු පැවසුවේය.
දැන් රෝගීන් අඩුවන බවද, ඒමනිසා ඉදිරි දින කිහිපයේදී මරණ සංඛ්‍යාවෙහි සීග්‍ර පහළ බැසීමක් සිදුවෙතැයි විශ්වාස කරන බවද, ඒ සමග වෙළදපොළ නැවත යථා තත්ත්වයට පත්වෙතැයි විශ්වාස කරන බවද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.