මෙම දත්ත මැකී යාමේ සිද්ධිය සම්බන්ධව CID නිලධාරීන් සහ මොරටුව විශ්ව විද්‍යාලයේ ඒ සම්බන්ධව දැනුම ඇති විශේෂඥයින් තිදෙනෙකුගෙන් යුතු කමිටුවක් මගින් අධීක්ෂණය කරමින් තාක්ෂණික වෝහාරික පරීක්ෂණයක් සිදුකළ බවද, තවම විමර්ශන කටයුතු මූලික අවදියේ සිදුවන අතරතුර අදාළ පෞද්ගලික ආයතනයෙහි ප්‍රධාන විධායක නිලධාරීවරයා අත්අඩංගුවට ගත් බවද ඔහු පැවසුවේය.
අදාළ ආයතනයෙහි ප්‍රධාන විධායක නිලධාරීවරයාට ඇති මූලිකම චෝදනාව වනුයේ සාපරාධී විශ්වාසය කඩකිරීමේ චෝදනාව බවද, නමුත් ඉදිරියේදී විමර්ශන වලදී තව චෝදනා අනාවරණය විය හැකි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.
අදාළ පුද්ගලයා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප 02ක්ද, විදේශ ගමන් තහනමක් සහ සෑම මාසයකම අවසන් ඉරිදා දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට දන්වමින් මෙම කොන්දේසි මත නිදහස් කළ අතර ඒළඹෙන 13 වනදා මෙය නැවත කැදවන බවද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.