වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත ඉදිරිපත් කළ විශේෂ ප්‍රකාශය මෙසේයි
කොවිඩ් 19 වසංගතය හමුවේ මුළු ලෝකයේම ජනතාවට බඩගින්න මන්දපෝෂණය දුප්පත්කම පිළිබඳ ගැටලුවක් මතුවෙලා තිබෙන මේ අවස්ථාවේ දී රටේ ජනතාවට අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ දැරිය හැකි සාධාරණ මිලකට ලබා දීම පිළිබඳ වගකීම රජයට පැවරෙනවා.ඒ අනුව පසුගිය කාල පරිච්ඡේදය පුරාවටම ලංකාවේ ජන ජීවිතයට අත්‍යවශ්‍යම වන සහල්වල මිල පාලනය කර පවත්වා ගැනීම සඳහා රජය විවිධ උත්සහයන් දැරුවත් ඒ සියලු උත්සහයන් අසාර්ථකවීම කරණ කොට ගෙන සාමාන්‍ය ජනතාවට නාඩු කිලෝවක් සඳහා රුපියල් 120ක් සම්බා කිලෝවක් සඳහා රුපියල් 150ක් වැනි අධික මිලක් ගෙවන්න සිදු වුණා.පසුව මෙම කන්නයේ අස්වනු නෙළීම ආරම්භ වීමත් සමග කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමත් මමත් අනෙකුත් රාජ්‍ය අමාත්‍යවරුනුත් සම්බන්ධ වෙලා ඔවුන් සමග එකඟතාවයකට පැමිණීයා.
මේ නාඩු කිලෝවක් රුපියල් 98කටත් සම්බා කිලෝවක් 103කටත් සැපයීමට එකඟතාවයක් ඇති කර ගෙන එසේ සපයන බවට ඔවුන් රට ඉදිරියේ ප්‍රතිඥාවකුත් ලබා දුන්නා ලංකාවේ සිටින ප්‍රධානම වී මෝල් හිමියන් විසින් කොළඹට පැමිණීලා.එසේ තිබියදීත් පසුගිය සතිය තුළදී දිගින් දිගටම ඔවුන් වෙළඳපොළට සහල් සැපයීම නැවැත්වුවා.සතොස මගින් සහල් මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳෙව්වද එම ටෙන්ඩර්වලට ඉදිරිපත් වුණේ නෑ.
අවසාන වශයෙන් සහතික මිලට දිගටම සහන මිලට සහල් සැපයීම කළේ සතොස.සතොසටත් හාල් ඇටයක්වත් ලබා ගැනීමට කොහැකි තත්වයක් ඇතිවුණා.ඒ නිසා මේ රට අඟුලු ලා තියෙන අවස්ථාවකදී මූලික ආහාරය වන සහල්වල හිඟයක් වෙළඳපොළේ ඇති කිරීම සඳහා ලක්ෂ ගණන් දිනකට ලක්ෂ 5ක් 6ක් නිකුත් කරනු ලබන මහා පරිමාණ සහල් මෝල් හිමියන් ඇතැම් අය දවසට නිකුත් කරලා තිබුණේ කිලෝ තිස්දහසක් පමණ.එතාකාට කිලෝ ලක්ෂ 5ක් 6ක් නිකුත්කළ යුතු වෙළඳපොළට කිලෝ තිස්දහසක් නිකුත් කළොත් එතන විශාල සහල් හිඟයක් ඇතිවෙනවා සහල් හිඟයක් ඇති වුණාම හාල් මිල පාලනය කළ නොහැකි ලෙස ඉහළ නැංවීම සඳහා සූක්ෂ්ම ලෙස සකස් කරපු කුමන්ත්‍රණකාරි වැඩපිළිවෙළක් පරාජය කරන්න අතිගරු ජනාධිපතිතුමා විසින් මෙම තත්වය නිවැරදිව තක්සේරු කරලා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පිළිබඳ කොමසාරිස්වරයකු පත් කරනු ලැබුවා.
එම කොමසාරිස්තුමාට පැවරුණූ වගකීම තමයි රට ඇතුළේ හිඟයකින් තොරව රජය නියම කරලා තියෙන සාධාරණ මිල ගණන් යටතේ මේ භාණ්ඩ බෙදා හැරීම සම්බන්ධයෙන් අවශ්‍ය විධි විධාන සළස්වන්න කියලා.ඒ නිසා ඒ අනුව තමයි සාකච්ඡා තිබිලා සම්මුතීන් ඇති කරගෙන ඒ සම්මුතීන්වලට එකඟව මේ භාණ්ඩ අඛණ්ඩව සපයනවා කියල කියද්දිත් තමයි එසේ නොසැපයීම කරණ කොට ගෙන තමයි ඊයේ දිනයේදී ගිහිල්ලා ප්‍රධාන මෝල් හිමියන්ගෙන් සතොසට අවශ්‍ය කරන හාල් තොග ලබා ගත්තේ.
අපි විශ්වාස කරනවා අපිට දැනුම් දීලා තියෙනවා අත්‍යවශ්‍ය කොමසාරිස්තුමාත් පාරිභෝගික අධිකාරියේ නිලධාරිනුත් අද දිනයේ සිට සුපුරුදු පරිදි අඛණ්ඩව සහල් තොග වෙළඳපොළට නිකුත් කරනවා කියලා.
එහෙම වුණොත් වැටළීමක් කරන්නවත් ආපසු අරන් එන්නවත් අවශ්‍ය වෙන්නේ නෑ.තමන්, තමන් කරපු රාජකාරිය තමන් කරපු යුතුකම් වගකීම් ටික නිසි ලෙස ඉෂ්ට කළොත් නිරුපද්‍රිතව පාරිභෝගික ජනතාවටත් සහනයක් ඇති වෙනවා ව්‍යාපාරික ආයතනවලටත් තමන්ගේ ව්‍යාපාරය නිරුපද්‍රිතව කරන යන්න පුළුවන්කම ලැබෙනවා.මම හිතන විදියට සීනි සම්බන්ධයෙන් තිබුණ ප්‍රශ්නය නිරවුල් වෙලා තියෙනවා.අද සීනි තොග මිල රුපියල් එකසිය දාසයට වැඩියෙන් කවුරුවත් අලෙවි කරන්නේ නෑ.අපි රුපියල් එකසිය විසි දෙකේ සිල්ලර මිලට රට පුරාම සීනි අලෙවිය සාර්ථකව කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා.සතොස ශාඛා ජාලය තුළ සීනි කිලෝ තුනක් එක පාරිභෝගිකයෙකුට ලබා ගන්න පුළුවන් සුදු සීනි කිලෝ දෙකක් සහ රතු සීනි කිලෝ එකක් බැගින්.ලංකාව පුරාම තියෙනවා සතොස වෙළඳ සැල්වල ඒ මිලට සීනි ලබා දෙනවා.