පෙබරවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    සති කිහිපයකට පෙර තත්ත්වයට වඩා ඔක්සිජන් භාවිතය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වෙයි

    සැප්තැම්බර් 10, 2021

    මෙරට රෝහල්හි පසුගිය සති කිහිපයට සාපේක්ෂව මේ වන විට ඔක්සිජන් භාවිතය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පෙන්වා දෙයි.

    ඇතැම් දිනයන්හි දෛනික ඔක්සිජන් භාවිතය ටොන් 140 ක පමණ ප්‍රමාණයක් දක්වා ඉහළ ගිය බවද අමාත්‍යවරයා පවසයි. සූම් තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා (09) මේ බව පැවසීය. කුණ්ඩසාල ප්‍රාදේශීය කොවිඩ් රැස්වීම සූම් තාක්ෂණය ඔස්සේ මෙහිදී පැවැත්විණි. එම සාකච්ඡාව සඳහා අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී එක් විය.

    මෙරට දෛනික ඔක්සිජන් නිෂ්පාදනය ටොන් 80 ක් පමණ වන අතර කොවිඩ් ව්‍යසනයත් සමඟ දෛනික ඔක්සිජන් භාවිතය සීඝ්‍ර ලෙස ඉහළ ගියේය. මෙරට නිෂ්පාදනයට අමතරව ඉන්දියාව , සිංගප්පූරුව හා චීනය යන රටවලින්ද ඔක්සිජන් ඇණවුම් කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    මෙරට සිදු කරන සාර්ථක එන්නත්කරණය හා නිසි කළමණාකරණය හේතුවෙන් මේ වනවිට රෝගය බොහෝ දුරට පාලනය කරගනිමින් යන බවත් ඒ සඳහා සෑම පාර්ශවයකගේම සහය ඉදිරියටත් අවශ්‍ය වන බවත් රඹුක්වැල්ල මහතා මෙහිදී කීය. මේ අතර මහනුවර දිස්ත්‍රික්කයට අවශ්‍ය කරන ස්පුට්නික් - v එන්නත් දෙවන මාත්‍රා ප්‍රමාණය ඉතා කඩිනමින් ගෙන්වා ගැනීමට අවශ්‍ය සෑම පියවරක්ම මේ වන විට ගෙන ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya