පෙබරවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    වයස 12-18 අතර දරුවන්ගේ එන්නත්කරණය කඩිනමින් ඇරඹීමට අවධානය - සෞඛ්‍ය ඇමති

    සැප්තැම්බර් 10, 2021

    වයස අවුරුදු 12-18 අතර ළමුන් සඳහා කඩිනමින් එන්නත්කරණය ආරම්භ කිරීමට අවධානය යොමු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

    කොවිඩ් ව්‍යසනය හේතුවෙන් වසර එක හමාරක පමණ කාලයක් ‍විටින් විට පාසල් වසා දැමීමට සිදුව තිබෙන බවත් මෙනිසා හැකි ඉක්මනින් පාසල් ආරම්භ කිරීමට ළමුන් සඳහා වන එන්නත්කරණය ආරම්භ කළ යුතු යැයි අමාත්‍යවරයා අවධාරණය කරයි.

    සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිට (09) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන කිහිපයක් දරුවන්ගේ එන්නත්කරණය පිළිබඳව මේ වන විට නිර්ණායක කිහිපයක් පෙන්වා දී ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.

    ළමුන් සඳහා එන්නත් ලබා දීම ආරම්භ කිරීමත් සමඟ 7 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා දරුවන්ට එන්නත්කරණය සිදු කළ හැකි බවත් අමාත්‍යවරයා මෙහිදී කීය. මේ වන විට ගුරුවරුන් ඇතුළු අනධ්‍යන කාර්ය මණ්ඩල පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බැවින් පාසල් ළමුන්ගේ එන්නත්කරණය අවසන් කිරීමත් සමඟ පාසල් යළි විවෘත කිරීමට හැකිවනු ඇති බවට විශ්වාසය පළ කෙරේ.

    මේ යටතේ දරුවන් ලක්ෂ විස්සක් පමණ එන්නත් කිරීමට හැකිවනු ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය. එමෙන්ම අවුරුදු 20-29 ත් අතර කාණ්ඩයේ මේ වන විට එන්නත්කරණයේ පළමු මාත්‍රාව 34% ක්ද දෙවන 12% ක්ද වශයෙන් ලබා දී ඇතැයි ද තවදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya