රජය හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳව අදහස් මාධ්‍ය වෙත දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ :
''අත්‍යාවශ්‍ය කොමසාරිස්වරයෙක් මෙරට පත් කළ ප්‍රථම අවස්ථාව මෙය නෙවෙයි. මීට පෙර 1983 ජූලි කලබල පැමිණි අවස්ථාවේදී මෙන්ම 1986 සහ 1988 කාල වලදී අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස්වරයකු හිටියා. ඒ ජනතාවගේ ආහාර අවශ්‍යතාව සුරක්ෂිත කිරීමයි ඔහු කරන්නේ. ඒ වගෙම යුද්ධය පැවති කාලයෙත් ඒ ප්‍රදේශවලට අවශ්‍ය ආහාර සැපයුම ලබාදීම සඳහා අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස්වරයකු හිටියා.
මෙතැන යුද්ධයක් නැති වුනාට ආහාර යුද්ධයක් ඇති කරගෙන මේ මොහොතේ ආදාර සඟවාගෙන සිටිනවා. ඒ නිසා ජනතාව විශාල පීඩාවකට පත් වෙලා සිටිනවා. මේ සඟවාගෙන තිබෙන ආහාර තොග සම්බන්ධයෙන් අනෙක් නීති තිබුනාට හදිසි අවස්ථා නීතිය යටතේ මේ ගැන විශේෂ බලයක් තිබෙනවා. මහජන සාමය පවත්වාගෙන යාම, මහජන ආරක්ෂාව පවත්වාගෙන යාම සහ අත්‍යාවශ්‍ය සේවා සැපයීම ගැන මෙම හදිසි නීතිය යටතේ බලය හිමිවී තිබෙනවා. මේ අවස්ථාවේ මෙය වැරදියට අවබෝධ කරගෙන ඉන්දියාවෙත් එක් ප්‍රාන්තයක මේ වන විට සම්මත කර තිබෙනවා ද්‍රවිඩ ජනතාව පීඩනයකට පත් කරන්න කියලා. ඇත්ත එහෙම දෙයක් වෙලා නෑ. ඒ නිසා රජය පාර්ශවයෙන් මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට සන්නිවේදනය කළ යුතුයි මෙම හදිසි නීතිය ගෙන ඒමේ අරමුණ මොකක්ද කියලා.
මෙම තත්වය ජාත්‍යන්තරයේ ජිනීවා මානව හිමිකම් කොමිසමට පවා ගෙනියන්නට පුලුවන්. එහෙත් සත්‍ය වශයෙන්ම මේ අවස්ථාවේ කර තිබෙන්නේ ආහාර අයිතිය ලබාදීම පමණයි. සඟවා තබාගෙන ආහාර තොග ගබඩා කිරීම තුළ සිදුවී තිබෙන්නේ ජනතාවගේ ආහාර සඳහා අයිතිවාසිකම නැතිවීමයි. ගෙන ආ හදිසි නීතිය මඟින් කර ඇත්තේ එය ලබාදීමයි. ඒ හැර මෙතැනදී කිසිඳු අවස්ථාවක අත්අඩංගුවට ගැනීම වැනි දේ සිදු කර නෑ.
ජාත්‍යන්තර වශයෙන් මානව හිමිකම් සැසිය නුදුරේදී පටන් ගැනෙනවා. එහිදී රජයට බටහිර ලෝකය ඇතුලු රටවල්වලට මෙම තත්වය පැහැදිළි කළ හැකියි. බටහිර ලෝකය බලන් ඉන්නේ හැමවිටම නීතියක් ගෙන ආ විට එමගින් භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස අහිමි වෙනවා කියන්නයි. භාෂණයේ හා උද්ඝෝෂණයේ නිදහස 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැහැදිළී කොට තිබෙනවා. 14 වැනි ව්‍යවස්ථාවේ අයිතිය අසීමාන්තික අයිතියක් නොවෙයි. රාජ්‍ය ආරක්ෂාව, ජාතික ආරක්ෂාව, රාජ්‍ය ආර්ථිකය, වැනි සීමාවන් එයට තිබෙනවා. ඒක ව්‍යවස්ථාවෙන්ම දී තිබෙනවා.
ඒ විතරක් නොවෙයි 1966 සිවිල් හා දේශපාලන සම්මුතියේ පවා සීමා සහිතවයි අයිතිවාසිකම් දී තිබෙන්නේ. ඒ නිසා මේ පනවා තිබෙන හදිසි නීති රෙගුලාසි අනිවාර්යයෙන්ම 1978 ජනතාවට දී තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම්වලට යටත්ව තමයි දී තිබෙන්නේ. මේ මොහොතේ හඳුන්වා දී තිබෙන්නේ මෙම හදීසි නීතිය ගෙනඒම තුළින්ම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වෙනවා කියන එකයි. අන්න ඒ වැරදි අදහස බැහැර කළ යුතුයි. මෙය ජාත්‍යන්තරයටත් පැහැදිළි කළ යුතුයි.
අපේ සන්නිවේදනය දුර්වලයි. මේ වෙන විට දැඩි සන්නිවේදනයක් යනවා මෙම නීතිය මඟින් දෙමළ ජනතාවගේ අයිතිය උල්ලංඝණය කරනවා කියලා. එය සම්පූර්ණයෙන්ම වැරදියි. ඒ නිසා විදේශ අමාත්‍යංශය හරහා තානාපතිවරු සියලු දෙනා කැඳවා මේ අත්‍යාවශ්‍ය සේවා ගෙන ආවේ කුමකටද යන්න පැහැදිළි කළ යුතුයි. ඒ නිසා මේ සම්බන්ධ පැහැදිළි කිරීමක් කරන්න විදේශ කටයුතු අමාත්‍යංශයට සම්පූර්ණ වගකීමක් තිබෙනවා. මේක නිසි ආකාරයෙන් දැනුම් දෙනවා නම් ජිනීවා වලට වැරදි අදහසක් යන්නේ නෑ. යනුවෙන්ද නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා පැවසීය.