පෙබරවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    යළ කන්නයේ අස්වනු අඩුවක් නැහැ -කිසිදු පොහොර හිඟයක් නැහැ - වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීමට සූදානම් - කෘෂිකර්ම ඇමති

    සැප්තැම්බර් 10, 2021

    පසුගිය කන්නයට සාපේක්ෂව මෙවර යල කන්නයේ අස්වනු අඩු යැයි කීම සම්පූර්ණ අසත්‍යයක් යැයිද, ඒවැනි කිසිදු අස්වනු අඩුවක් නොමැති අතර කිසිදු පොහොර හිඟයක්ද නැති බවත් වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීමට සූදානමින් සිටින බවත් කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

    අද (10) දින රජයේ නිල පුවත් වෙබ් අඩවිය ට අඳහස් දක්වමින් කෘෂිකර්ම ඇමතිවරයා මේ බව පැවසුවේය.

    පොහොර කිසි අඩුවීමක් සිදුවී නොමැති අතර පොහොර තහනම ඉවත් කිරීමට ප්‍රථම පොහොර ආනයනය සිදුකළ බවද, ඒබැවින් පොහොර හිඟයක් ඇතිවූ බව පැවසීම සම්පූර්ණ අසත්‍යයක් යැයිද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    ඊළග මහකන්නයට අවශ්‍ය පොහොර සියල්ලම ආනයනය කිරීමට මෙන්ම රටේ නිපදවීමටත් කටයුතු කර ඇතැයිද, ඒ් අනූව කිසිදු හිඟයකින් තොරව පොහොර ලැබෙනු ඇතැයිද අමාත්‍යවරයා කියා සිටියේය.

    ගොවීන් සඳහා වී මිල අඩුවී නොමැති බවද, මෙම දින වල ගොවීන් රුපියල් 55ට 60ට වී විකුණන අතරම දැනටමත් වී මෝල් හිමියන් රුපියල් 55ට වී මිලදී ගන්නා බවද අමාත්‍යවරයා පැවසුවේය. වී මිලෙහිද කිසිදු පහත වැටීමක් සිදුවී නැතැයිද එය සහල් මාෆියාව විසින් ගෙනයන අසත්‍යයක් බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

    වී අලෙවි මණ්ඩලය වී මිලදී ගැනීමට සූදානම් බවද වී විකුණා ගැනීමට අපහසු කෙනෙකු සිටීනම් වී අලෙවි මණ්ඩලයට ගෙනත් දෙන ලෙසත් එම වී මිලදී ගැනීමට සූදානම් බවද අමාත්‍යවරයා සදහන් කළේය.

    කෘෂිකර්ම අමාත්‍යංශය සකස් කළ කැබිනට් පත්‍රිකාව හරහා කෘෂි රසායන ආනයනයෙන් 87%ක ඒකාධිකාරයක් තනි සමාගමකට දීමට සූදානම් බවට පළවූ පුවත සම්පූර්ණයෙන් අසත්‍යයක් බවද, ඒවැනි කිසිදු කැබිනට් පත්‍රිකාවක් නිකුත් කර නැතැයිද කෘෂිකර්ම අමාත්‍යවරයා සදහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya