මුදල් අමාත්‍යංශය මඟින් පරික්ෂා කිරීමේ දී බිලියනයක පමණ සංවර්ධන ව්‍යාපෘති 221 ක් මෙම වසරේ අවසාන කිරිමට අවශ්‍යව තිබේ. දිස්ත්‍රික්ක වල පවතින නොයෙකුත් ප්‍රශ්න ගැටළු නිසා
මෙම ව්‍යාපෘති 221 ඉදිරියට පවත්වාගෙන යෑම ප්‍රමාද විය.මේ හේතුව නිසා දිස්ත්‍රික් මට්ටමින් තිබෙන මන්ත්‍රීවරුන්ගේ එකී ව්‍යාපෘති වල වැඩකටයුතු මෙම වසර අවසාන වීමට නිම කිරීමට සාකච්ඡා
වී ඇති බව අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.
මන්ත්‍රීවරු අධීක්ෂණයට පත් කරන්නේ අමාත්‍යාංශවලට නොවන බවත් මෙම අධීක්ෂණය වන්නේ මන්ත්‍රීවරුන්ගේ දිස්ත්‍රික් මට්ටමේ ව්‍යාපෘති සඳහා පමණක් බව ද අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට මීට මුල්‍ය වරප්‍රසාද ලබා දීම පිළිබඳව සාකච්ඡා කර නොමැති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.