ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්මට අනුව මාර්ග සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව බස්නාහිර පළාතේ ජාතික මාර්ග වැඩිදියුණු කිරීමේ වැඩසටහන යටතේ ගම්පහ නගරයේ සහ ඒ අවට ප්‍රදේශයේ පවතින රථ වාහන තදබදය අවම කිරීම සඳහා හඳුනාගත් මාර්ග සියල්ල පුළුල් කොට කඩිනමින් සංවර්ධනය කිරීමට මේ වන විට සැලසුම් සකස් කර අවසන් බවත් ඒ සම්බන්ධයෙන් තම අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබාදුන් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය .
ගම්පහ නගරය හා ඒ අවට පවතින රථ වාහන තදබදය අවම කිරීම සඳහා මහාමාර්ග අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් මේ වන විට මාර්ග 15ක් පුළුල් කොට සංවර්ධනය කිරීමට හඳුනාගෙන ඇති බවත් එම මාර්ග සංවර්ධනය වෙනුවෙන් මූලික සැලසුම් මේ වන විට සකස් කර අවසන් බවත් අමාත්‍යවරයා පැවසීය .
ඒ අනුව ගම්පහ -මිරිස්වත්ත මාර්ගය මංතීරු හතරක් දක්වා පුළුල් කිරීම, ගම්පහ -යක්කල මාර්ගය මංතීරු හතරක් දක්වා පුළුල් කිරීම, ඒකල - කොටදෙනියාව මාර්ගය පුළුල් කර සංවර්ධනය කිරීම, නිට්ටඹුව - වේයන්ගොඩ මාර්ගය මංතීරු හතරක් දක්වා පුලුල් කර සංවර්ධන කිරීම, වේයන්ගොඩ - කල්එලිය මාර්ගය පුළුල් කර සංවර්ධනය කිරීම , කලගෙඩිහේන - වේයන්ගොඩ මාර්ගය පුළුල් කර සංවර්ධනය කිරීම , මීගමුව - ගිරිඋල්ල මාර්ගය වයි හංදිය දක්වා මංතීරු හතරකට පුළුල් කර සංවර්ධනය කිරීම , නිට්ටඹුව -ඌරාපොළ මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම , මීගමුව - අළුතපොල මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම , වරකාපොළ නගරයේ අතුරු මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම , පස්යාල සිට මීරිගම හරහා ගිරිඋල්ල දක්වා මාර්ගය පුළුල් කර සංවර්ධනය කිරීම , ජා-ඇල මිනුවන්ගොඩ දිවුලපිටිය මාර්ගය සංවර්ධනය කිරීම , මීගමුව ගිරිඋල්ල මාර්ගය සංවර්ධනය කිරීම , ඌරාපොළ - හංවැල්ල මාර්ගය සංවර්ධනය කිරීම සහ පස්යාල මංසන්ධිය පුළුල් කිරීම මෙම වැඩපිළිවෙළට අනුව සිදුවේ.
තවද මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත සිට මීරිගම දක්වා කොටස ගම්පහ නගරය හරහා වැටී ඇති බැවින් එහි ඉදිකිරීම් කටයුතු ගම්පහ නගරයේ පවතින රථවාහන තදබදයට යම් බලපෑමක් ඇති කරන බව පැවසූ අමාත්‍යවරයා ගම්පහ නගරය කේන්ද්‍ර කරගනිමින් සිදු කරන ඉදිකිරීම් කටයුතු සියල්ල කඩිනම් කිරීමට තමන් උපදෙස් දුන් බව පැවසීය.