නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලබන නිවාස ව්‍යාපෘතියකින් නව නිවසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව දිනේෂ් ප්‍රියන්ත මහතාට ලබාදෙන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා විසින් නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර මහතාට දැනුම් දී ඇත.
ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් මෙම නව නිවස ඉදිරියේ දී දිනේෂ් ප්‍රියන්ත මහතා වෙත ලබාදීමට නියමිතයි.
ජපානයේ ටෝකියෝ හි පැවති 2020 පැරාලිම්පික් තරගාවලියේ දී F46 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 67.79 ක දුරක් හෙල්ලය විසිකරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම දිනා ගැනීමට දිනේෂ් ප්‍රියන්ත හේරත් මහතා සමත් විය.