පෙබරවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ජී20 අන්තර් ආගමික සමුළුවට එක්වීමට අගමැති බොලොඤ්ඤා නුවරට ළඟාවෙයි

    සැප්තැම්බර් 11, 2021

    ජී20 අන්තර් ආගමික සමුළුවට එක්වීම සඳහා ඉතාලිය බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලාංකික දූත පිරිස (10) පස්වරුවේ එරට බොලොඤ්ඤා නුවර ගුග්ලියෙල්මෝ මාර්කෝනි ගුවන් තොටුපළට ළඟා වූහ.

    අනතුරුව අග්‍රාමාත්‍යතුමා ඇතුළු දූත පිරිස ඉතාලියේ රාජ්‍ය නිලධාරින් සහ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් පැමිණ මහත් හරසරින් පිළිගත්හ.

    ජී20 අන්තර් ආගමික සමුළුව 2021 (G20 Interfaith Forum Italy) (12) දිනයේ දී බොලොඤ්ඤාහි දී ආරම්භ වීමට නියමිතය.
    එහි ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පවත්වන ලෙස ලැබුණු ආරාධනාව අනුව අග්‍රාමාත්‍යතුමා මෙම සංචාරයට එක්ව සිටියි. මෙවර මෙම සමුළුවේ තේමාව වී ඇත්තේ “සංස්කෘතීන් අතර සාමය, ආගම් අතර අවබෝධය” යන්නයි.
    ජී20 අන්තර් ආගමික සමුළුවට සමඟාමීව මෙම සංචාරයේ දී රාජතාන්ත්‍රික හමුවීම් කිහිපයකට ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක්වීමට නියමිතය. ඉතාලියේ අග්‍රාමාත්‍ය මරියෝ ඩ්‍රැගී (Mario Draghi) මහතා, යුරෝපා පාර්ලිමේන්තුවේ සභාපති ඩේවිඩ් සසෝලි (David Sassoli ) මහතා සහ ස්ලෝවෙනියා ජනාධිපති බොරුට් පාහෝර් (Borut Pahor) මහතා එසේ හමුවීමට නියමිත රාජතාන්ත්‍රිකයන්ගෙන් කිහිපදෙනෙකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya