පෙබරවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    9/11 ඛෙදවාචකය පිළිබඳ 20 වැනි සංවත්සරයේ දී ශ්‍රී ලංකා රජය එක්සත් ජනපද රජය වෙත සහයෝගය පළ කරයි

    සැප්තැම්බර් 11, 2021

     

    මාධ්‍ය නිවේදනය

    9/11 ඛෙදවාචකය පිළිබඳ 20 වැනි සංවත්සරයේ දී ශ්‍රී ලංකා රජය එක්සත් ජනපද රජය වෙත සහයෝගය පළ කරයි

    ඇමරිකා එක්සත් ජනපද වැසියන්ගේ සහ වෙනත් බොහෝ ජාතීන්ට අයත් අහිංසක ජනතාවගේ ජීවිත හා අත් පා අහිමි කරමින් ඇමරිකා එක්සත් ජනපදය වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සිදු වී අදට එනම්, 2021 සැප්තැම්බර් 11 වැනි දිනට වසර 20 ක් සපිරේ.

    රටේ සමකාලීන ඉතිහාසයේ ඉතාමත් වේදනාකාරී සිදුවීමක් සිහිපත් කරන මෙම අවස්ථාවේ දී, ශ්‍රී ලංකා රජය ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනතාව සහ එහි රජය වෙත සිය සහයෝගය පළ කරයි. මේ අවස්ථාවේදී, එම බිහිසුණු ප්‍රහාරවලින් විපතට පත් වූවන් සහ දිවි ගලවා ගත් බොහෝ දෙනෙකු වෙත ද ශ්‍රී ලංකාව උපහාර දක්වයි .

     

    දීර්ඝ කාලයක් තිස්සේ ත්‍රස්තවාදයෙන් පීඩා විඳි ශ්‍රී ලාංකික භූමියේ පැවති අභියෝගය සාර්ථකව ජයගත් රටක් ලෙස, සෑම ආකාරයකම ත්‍රස්තවාදය සහ එහි ප්‍රකාශනයන් තුරන් කිරීම සඳහා සියලු රටවල් එක්විය යුතු බව ශ්‍රී ලංකා රජය යළි අවධාරණය කරයි.

    විදේශ අමාත්‍යාංශය

    කොළඹ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya