ඇඟළුම් ක්ෂේත්‍රය සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
ඉතාම දැවැන්ත විදේශ විනිමය අරබුදයකට රට මුහුණ දී ඇති අවස්ථාවකදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ණය පාලනය කිරීම සඳහා ණයවර ලිපි කාසි ආන්තිකය ඉහළ නැංවීමේ උපක්‍රමයක් භාවිතා කර තිබෙන බවත්, එය භාණ්ඩ ආනයනය කිරීමක් හෝ නිෂ්පාදන ආනයනය කිරීම සඳහා වන බදු ප්‍රතිශතය වැඩි කිරීමක් සිදු කර නොමැති බවත් ඒ අනුව කිසිදු ලෙසකින් මෙම භාණ්ඩ වල මිළ වැඩිවීමක් හෝ ආනයනය සඳහා ගැටළුවක් ඇති වී නොමැති බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරන ලදී.
උග්‍ර විදේශ විනිමය අර්බුදයකට මුහුණ පාමින් සිටින මෙරට ආර්ථිකය සුරක්ෂිත කරගැනීම සඳහා නිෂ්පාදන ආර්ථිකයේ දායකත්වය පිළිබඳ අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මෙහිදී භාණ්ඩ ආනයනය කරන දිශාවට මුදල් ගලා යාම අධෛර්යමත් කිරීම සඳහා මෙරට බැංකුවකින් ණයවර ලිපියක් නිකුත් කරන විට මුළු වටිනාකමම තැන්පත් කිරීම සිදුව ඇති බවයි.
එමෙන්ම වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ 1977ට පෙර සිට දේශීය නිෂ්පාදනය තුළින් සිදු වූ මෙරට ඇඟළුම් ක්ෂේත්‍රයේ නිෂ්පාදන භාවිතා කිරීමේ ප්‍රවණතාවය, විවෘත ආර්ථිකය තුළ මඳ පසුබැස්මක් ලද බැවින් ආනයනිත භාණ්ඩ කෙරෙහි පුද්ගල ආකර්ෂණය වැඩි වශයෙන් ඇති වූ නමුත් මේ වන විට මෙරට නිමි ඇඳුම් සඳහා ලොව පුරා පවතින ඉල්ලුම සපුරන අතරතුර මෙරට ජනතාවට අවශ්‍ය නිමි ඇඳුම් 100%ක්ම සැපයුම් කිරීමටත්, ඕනෑම ප්‍රමාණයකින් සිය නිෂ්පාදන නිකුත් කිරීමටත් මෙරට ඇඟළුම් ක්ෂේත්‍රය සූදානම්ව සිටින බවයි.
රජය භාණ්ඩ වර්ග 623 කට සියයට සියයක කාසියාන්තිකයක් යටතේ ආනයනය කිරීම කියන මහා ජාතික ප්‍රතිපත්තියක් ඒ අරන් තියෙන්නේ.ශ්‍රී ලංකාවේ ඇඟලුම් සන්නාම සංගමයේ ඉන්න නිෂ්පාදකයින් ශ්‍රී ලංකාවේ ඇඟලුම් අවශ්‍යතාවයෙන් භාණ්ඩ වර්ග 623 ක් සම්බන්ධයෙන් මහ බැංකුව නියම කරලා තියෙනවා එම භාණ්ඩය ආනයනය කරනවානම් එයට කිසිඳු තහනමක් නෑ.ආනයනය කිරීමේදී අය කරපු බදුවල කිසිදු ඉහළ නැංවීමක් කරලා නෑ එම ණයවර ලිපිය නිකුත් කරන අවස්ථිාවේදී මිලියනයක භාණ්ඩ ආනයනය කරනවානම්, මිලියනය රුපියල්වලින් තැන්පතුවක් වශයෙන් තියලා තමයි ආනයනය කරන්න පුළුවන් වෙන්නේ.එයින් අපේක්ෂා කරන්නේ එම ණය මුදල් ගලාගෙන යන දිශාව පාලනය කිරීම.ආනයනය අධෛර්යමත් කරන්න සඳහා තමයි මෙය කරලා තියෙන්නේ.එහිදී විපක්ෂය විසින් එක භාණ්ඩ වර්ගයක් ඇඟළුම් යට ඇඳුම් මොකක්වත් නැතුව අපි සම්පූර්ණ අනාථ කළා ගෝඨාභය රාජපක්ෂ රජය කියලා.
1977 විවෘත වෙළඳපොළ ආර්ථිකය ඇතිවෙන්න කලින් දැන් ඉන්න සමහර චූටි මල්ලිලා දනිනෙි නැති වුණාට ඒ කාලේ තිබුණ දාස සමූහ ව්‍යාපාරයේ නිෂ්පාදන , වෙලෝනා සමූහ ව්‍යාපාරයේ නිෂ්පාදන , බර්නාඩ් බොතේජු සමූහ ව්‍යාපාරයේ නිෂ්පාදන , ඩී.එස්.අයි සමූහ ව්‍යාපාරයේ නිෂ්පාදන වගේ ගත්තම ඒවා තමයි ලාංකිය ජනතාව පාවිච්චි කරපු රෙදිපිළි ඇඟළුම් යට ඇඳුම් සියල්ල මේ රටේ නිෂ්පාදනය කරමින් තිබුණේ මේ සියල්ල.විදේශවල භාණ්ඩ වක්කඩ කැඩුවා වගේ රට ඇතුළට එන්න පටන් ගත්තහම සමහර කර්මාන්ත වැහිලා ගියා.ඒ අතර අනෙකුත් කර්මාන්තකරුවන් ලෝකයේ ඇතිවන අලුත් ප්‍රවණතාවයත් සමග යන්ත්‍ර සූත්‍ර ගෙනල්ලා නිෂෟපාදනය කළා.
ශ්‍රී ලංකා ඇඟළුම් සන්නාම සංගමයේ ඉන්න නිෂ්පාදකයෝ ශ්‍රී ලංකාවේ ඇඟළුම් අවශ්‍යතාවයෙන් සියයට අනූ අටක්, සියයට සියයක්ම පාහේ නිෂ්පාදනය කරනවා. ඕනෑම කෙනෙකුට රෙදිපිළි ඇඟළුම්වල යට ඇඳුම් අවශ්‍යතාවය තියෙන කවුරුහරි ඉන්නවානම් මම වෙළඳ අමාත්‍යවරයා වශයෙන් වගකීම භාර ගන්නවා ඉල්ලන ඕනි ප්‍රමාණයක් සපයන්න අතිරික්ත තොග විශාල ප්‍රමාණයක් මෙතුමන්ලා ළඟ මේ වෙලාවෙත් තියෙනවා.
අවශ්‍ය වන රෙදිපිළි ඇඟළුම් කාටහරි ඕනිනම් පවතින මිලටත් වඩා අඩු මිලට සැපයීම සඳහා සතොස සහ රාජ්‍ය ආයතන මගින් සපයන්නත් අපි අලුත් වැඩපිළිවෙළක් සකස් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ආර්ථීකය විවෘත කිරීමත් සමඟ දැවැන්ත පරිමාණයේ සියලුම නිෂ්පාදකයන්ට එන්න කියලා ප්‍රදර්ශනයක් හා වෙළඳ සල්පිලක් පවත්වනවා ඒක හොඳයිනේ.
එහිදී අදහස් දැක්වූ ඇඟලුම් නිෂ්පාදකයන්
ලලන්ත වතුදොර මහතා - සභාපති ශ්‍රී ලංකා ඇඟලුම් සන්නාම සංගමය
කාලයක් තිස්සේ රටට අවශ්‍ය වෙලා තිබිච්ච දෙයක් මෙවැනි ප්‍රතිපත්ති.අපි හැමදේකටම පිටරටින් ආනයනය කරලා මෙහෙ විකුණලා ව්‍යාපාර කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නවනම් මේ රටේ නිෂ්පාදන ආර්ථීකයක් බිහි වෙන්නේ නෑ.ලෝකයේ කාන්තා යට ඇඳුම්වල ඉතාම කීර්ති නාමයක් තියෙන බ්‍රෑන්ඩ් එකක් වුණත් නිෂ්පාදනය වෙන්නේ වැඩිපුර ලංකාවේ.ඉතින් ඒ නිෂ්පාදනය කරන සමාගම් ම අපේ සාමාජිකයෝ වෙලා ඉන්නවා.ඉතින් ඒ සමාගම් විසින්ම ඒ හා සමාන ම ගුණාත්මකභාවයෙන් අපේ මාර්කට් එකේ තියෙනාව හැමෝටම ගන්න.මෙතන කිසිම තොගවල අගහිඟයක් නෑ කිසි ප්‍රශ්නයක් නෑ.සමාජ මාධ්‍ය ජාලාවලින් අපිට හෙට ඉඳන් යට ඇඳුම් නෑ කියන එක නෙමේ වෙන්න ඔනි ඒ කරපු කට්ටියටත් මන් ආරාධනා කරනවා අපේ බ්‍රෑන්ඩ්ස් මාර්කට් කරන්නත් උදව් කරන්න කියලා සමාජ මාධ්‍ය ජාලා තුළින්.
ටානියා අබේසුන්දර මහත්මිය- අධිපති
සෙන්වින් ආයතනය
අපේ රටේ ඇතුළත අපි නිෂ්පාදනය කරන දේවල් අප රට ඇතුළත මාර්කට් එකට හොඳටම ඇති.ඒ කියන්නේ සියයට සීයක්ම තියෙනවා.ඒ කියන්නේ යට ඇඳුම් විතරක් නෙමෙයි සම්පූර්ණම ඇඳුම් කට්කල ඒ කියන්නේ ලංකාව ඇතුළත නිෂ්පාදනය කිරීම තමයි දිරිමත් වෙන්න ඕනි.කිසිම රටක් ඇත්තෙන්ම ඉදිරියට යන්න බෑ ඉම්පෝට් කරලා මේකට අතහිත දීමක් මිස කඩාකප්පල් කිරීමක් නෙමෙයි වෙන්න ඕනි මොකද මේ රජය අරන් තියෙන මේ තීරණය ඇත්තෙන්ම අපිය ලොකු හයියක්.නවත්තන්න පුළුවන් හැමදේම නවත්තන්න පුළුවන් තරමට තමයි හොඳ.අපේ රට ඇතුළත නිෂ්පාදනය කරලා රටට සම්පූර්ණ මාර්කට් එක කවර් කරන්න අපිට හැකියාව තියෙනවා.මේ රජය දාලා තියෙන අඩිතාලම අපිට ශක්තියක්.
අමීන් ඛයිලා මහතා - අධිපති
ටිප් ටොප් ආයතනය
අපි ලංකාවට සම්පූර්ණයෙන්ම යට ඇඳුම් විතරක් නෙමෙයි නිමි ඇඳුම් ඕනි එකක් අපිට දෙන්න පුළුවන්.අපි මෙහෙන් එවලා ආයෙත් එහෙන් ඉම්පෝට් කරලා ඒකට තවත් ඩියුටි ගෙවලා ගෙන්නනවා.අපේ ඩොලර් යනවා.ඕනම දෙයක් ලංකාවේ හදන්න බැරි දෙයක් නෑ.ලෝකයේ හොඳම මැනිෆැක්චරස් තියෙන්නේ ලංකාවේ.