පෙබරවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකික විගමනික ශ්‍රමිකයින්ගේ හා ඔවුන්ගේ පවුල්වවල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක්

    සැප්තැම්බර් 12, 2021

    ශ්‍රී ලංකික විගමනික ශ්‍රමිකයින්ගේ හා ඔවුන්ගේ පවුල්වවල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරේ.

    ශ්‍රී ලංකික විගමනික ශ්‍රමිකයින්ගේ හා ඔවුන්ගේ පවුල්වල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ප්‍රවර්ධනය කිරීම හා ආරක්ෂාව සහතික කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුමක්, විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා හා මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල ප්‍රධානී රාවුල් ඉම්බැච් මහතා (Raoul Imbach) විසින් පසුගිය දින (07) විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යංශයේ දී අත්සන් කරන ලදී.

    මෙම අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මක කරනු ලබන්නේ ස්විට්සර්ලන්තයේ සංවර්ධන හා සහයෝගීතා නියෝජිතායතනය හා විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යංශයයි.
    අවබෝධතා ගිවිසුමට අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ස්ව්ස් ෆෑන්ක් 4650,000 මුදලක් ශ්‍රී ලංකාවට ලබා දිමට නියමිතය.

    විගමනික ශ්‍රමිකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම, සවිබල ගැන්විම, යහපැවැත්ම වැඩි දියුණු කර ආරක්ෂාව තහවුරු කිරිම ද මෙම ව්‍යපෘතිය යටතේ දිස්ත්‍රික්ක මට්ටමින් ක්‍රියාත්මක කිරිමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya