කොළඔ සහ මහනුවර යන දිස්ත්‍රික්ක වල ස්ථාපනය කරන ලද ප්‍රජා පොලිස් සේවා ඒකක වල ක්‍රියාකාරිත්වය සහ එහි ප්‍රගතිය පිළිබඳව පසුගිය දා ප්‍රජා පොලිස් සේවා අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවේ දී, ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ විමසුමට ලක් විය.
එමෙන්ම, ප්‍රජා පොලිස් සේවා ඒකක සඳහා නව බඳවා ගැනීම් සැලසුම් කිරීම පිළිබඳව ද මෙහි දී සාකච්ඡාවට ලක් කෙරිණි.
මෙම සාකච්ඡාව සදහා ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කොඩිකාර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රජා පොලිස් හා පරිසර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මධ්‍යම පළාත, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහායක සේවා, නියෝජ්‍ය පොලිස්පති මානව සම්පත් කළමණාකරන, නියෝජ්‍ය පොලිස්පති බඳවා ගැනීම් හා පුහුණු මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබිය.