පෙබරවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    කොවිඩ් මරණ ආදාහනයට වැයවන මුදල් ලබාදීමට පියවර

    සැප්තැම්බර් 13, 2021

    කොවිඩ් රෝගය වැළඳී මියයන පුද්ගලයින්ගේ ආදාහන කටයුතු සිදු කිරීමේදී පළාත් පාලන අමාත්‍යාංශයේ ආදාහනාගාර සඳහා වැයවන මුදල් ලබා දීමට පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පියවර ගෙන තිබේ.

    පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචනය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් 09 වන දින රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී පැවති අවස්ථාවේ මෙම තීරණය ගෙන තිබේ.

    ඒ අනුව 2021.08.31 දින දක්වා සිදුකල කොවිඩ් මරණ 2417 ක් සඳහා එක් මරණයක් ආදාහනය වෙනුවෙන් රුපියල් 5000 ක් බැඟින් රුපියල් 12085000.00 මුදලක් ප්‍රථම අදියරේ දී අදාළ සභා වෙත ලබා දීමට පියවර ගෙන ඇත.

    පළාත් පාලන ආයතන 69 ක් සඳහා මෙම මුදල යොමු කර තිබේ. සබරගමුව 488 ක්,වයඹ 391 ක්,මධ්‍යම 260 ක්,ඌව 171 ක්,දකුණ 537 ක්,උතුරු මැද 100 ක්,බස්නාහිර 399 ක් සහ නැගෙනහිර පළාතේ 71 ක් කොවිඩ් මරණ සඳහා මෙම මුදල ලබා දී ඇත.

    අවශ්‍යතාවය මත ඕනෑම මොහොතක කොවිඩ් මරණ ආදාහනය සඳහා වැයවන මුදල් ප්‍රමාදයකින් තොරව කඩිනමින් ඒ ඒ පළාත් පාලන ආයතන වෙත යොමු කිරීමට කටයුතු කරන ලෙස රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අමාත්‍යාංශ ලේකම් බන්දුල බොරලැස්ස මහතාට එහිදී උපදෙස් ලබා දෙන ලදී.

    මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් බන්දුල බොරලැස්ස,අතිරේක ලේකම්(සංවර්ධන)මහේෂිකා කොඩිප්පිලි,අතිරේක ලේකම් (ව්‍යාපෘති)එම්.එම්.නයිමුදීන්, රාජ්‍ය අමාත්‍යතුමන්ගේ පෞද්ගලික ලේකම් දිනුෂා රණසිංහ, ප්‍රධාන මූල්‍ය නිළධාරි ප්‍රමිතා විජේසිංහ හා අධ්‍යක්ෂ (ඝණ අපද්‍රව්‍ය) ජයසිංහ යන මහත්ම මහත්මියන් ඇතුළු නිළධාරීන් පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya