පෙබරවාරි 13, 2025
tami eng youtube  twitter facebook

      මුහුදු කූඩැල්ලන් 72000කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට

    සැප්තැම්බර් 13, 2021

    ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම ඉරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයේ ( සැප්තැම්බර් 12) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ මුහුදු කූඩැල්ලන් 72542ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

    උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය මගින් අද අළුයම (2021 සැප්තැම්බර් 12) මන්නාරම ඉරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් නීති විරෝධී ලෙස කැබ් රථයක් මඟින් ප්‍රවාහනය කරමින් තිබූ මුහුදු කූඩැල්ලන් 72542ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) කැබ් රථය ද සමඟ මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදී.

    පවත්නා සෞඛ්‍ය මාර්ගෝප‍දේශයන්ට අනුකූලව සිදු කරන ලද මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් චාවකච්චෙරි සහ මන්නාරම ප්‍රදේශයන්හි පදිංචි වයස අවුරුදු 20ත් 46ත් අතර පසුවන පුද්ගලයන් බවට හඳුනාගන්නා ලද අතර, එම සැකකරුවන්, මුහුදු කූඩැල්ලන් තොගය සහ කැබ් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර අධ්‍යක්‍ෂ වෙත භාරදීමට කටයුතු කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya