පෙබරවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    කොරෝනා තත්ත්වය යටතේ හදිසි නඩත්තුවල නිරත කම්කරු පිරිස් සොයා ජල ඇමති වැඩබිමට යයි

    සැප්තැම්බර් 13, 2021

    පවතින වසංගත තත්වය හමුවේ රට වසා දමා ඇති අවස්ථාවක සිය ජීවිත ආරක්ෂාව පවා නොතකා තම දරුමල්ලන්ගේ ජීවිත ආරක්ෂාවද ඇපයට තබා හදිසි අත්‍යාවශ්‍ය නඩත්තු හා සේවා කටයුතු වෙනුවෙන් මෙම සිදු කරනු ලබන දුෂ්කර කාර්යය පිළිබඳව ජල සම්පාදන මණ්ඩලයේ මෙම සේවකයන්ට සියළු ජනතාවගේ ප්‍රසදය හා ගෞරවය හිමි විය යුතු යැයි ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

    අමාත්‍යතුමා මෙම අදහස් ප්‍රකාශ කලේ හදිසි ජල නල කාන්දු වීම් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීම නිසා පාරිභෝගික ජනතාවට ඇති වූ අපහසුතාවය කඩිනමින් විසදීම සඳහා ජල සම්පාදන මණ්ඩලයේ සේවකයන් 24 පැය පුරාවටම සිදු කරන අඛණ්ඩ සේවාවන් ඇගයීම සඳහා එම ස්ථාන වෙත ගොස් කම්කරු හා සේවක පිරිස් දිරි ගැන්වීමේ අවස්ථාවට එක්වෙමිනි.

    අද දිනයේ (12) කොළඹ, ඔරුගොඩවත්ත, අඹතලේ, මාලබේ මිහිදුපුර සහ වැල්ලවත්ත පිටර්ස් පටුමග යන ප්‍රදේශයන්හි හදිසි නඩත්තු කටයුතු මේ ආකාරයෙන් සිදු වූ අතර මේ සෑම ස්ථානයකම සේවක හා කම්කරු පිරිස් හමුවීමට අමාත්‍යවරයා එම ස්ථාන වෙත ගමන් කලේය.

    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා;

    අපගේ කම්කරු හා සේවක පිරිස් මේ සිදු කරනු ලබන කැපවීම අතිශය වැදගත් කාර්යයක් වන අතර දැඩි දුෂ්කරතා හා අවහිර තාවයන් මැද කඩිනමින් මෙම භූගත ජල මාර්ග පිලිසකර කර නල මාර්ගය යතා තත්වයට පත් කිරීම මෙවන් අවස්ථාවක අප විශේෂයෙන් අගය කල යුතු විශිෂ්ඨ ක්‍රියාවකි. මෙම අයගේ කැපවීම, උත්සහාය සහ දැනුම තවත් දහස් සංඛාත පවුල් සංඛාවකගේ සුඛ විහරණය වෙනුවෙන් කරනු ලබන කැප කිරීමක් සහ නඩත්තු කටයුක්තක් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya