පෙබරවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ළමුන් 100ට අඩු ග්‍රාමීය පාසල් ප්‍රථමයෙන් ආරම්භ කිරීමට අවධානය-කමිටු නිර්දේශ අනුව ළමුන්ට එන්නත- රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන

    සැප්තැම්බර් 13, 2021

    පාසල් නැවත විවෘත කිරීම අදියර කිහිපයක් යටතේ සිදුකිරීමට තීරණය කර ඇති බවත් පවතින වාතාවරණය යටතේ ළමුන් 100ට අඩු ග්‍රාමීය පාසල් ප්‍රථමයෙන් ආරම්භ කිරීමට රජය සැලසුම් සකස්කර ඇති බවත් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

    ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ;

    “ළමයි 100ට අඩු ග්‍රාමීය ප්‍රදේශවල තියෙන පාසල් මුලින් ආරම්භ කරන්න අවධානය යොමුකරලා තියෙනවා. මොකද පොදු ප්‍රවාහන සේවා භාවිත කරන්නේ නැතුව තමයි ගොඩක් මේ පාසල් පවත්වාගෙන යන්නේ. අපි දන්නවා තාක්ෂණය ඔස්සේ අධ්‍යාපනය හදාරන්න අපහසු ප්‍රදේශවල තමයි මේ ළමයි ඉන්නේ. ඒවට ප්‍රමුඛ ස්ථානයක් තමයි අපි තීරණය කළේ ජනාධිපති කාර්ය සාධක බළකායේ දී. ඒ වගේම ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 40ක් ඔක්තෝබර්වල ලැබීමට නියමිතයි. සුදුසු විදියට පාසල් ළමුන් සඳහා යොදා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ කමිටුව ඔවුන්ගේ නිර්දේශ ලබාදුන්නාට පස්සේ පාසල් ළමුන් සඳහා එන්නත්කරණය ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.”

    මේ අතර, විශේෂ අවශ්‍යතා සහිත ළමුන් සදහා කොවිඩ් එන්නත ලබාදීම ලබන සතියේ සිට ආරම්භ කරන බව ද රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

    අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ඒ සඳහා මේ වන විටත් අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බවය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya