”පැයෙන් පැයට දොරින් දොරට පානීය ජලය” යන තේමාව යටතේ ආරම්භ කර ඇති මෙම නව වැඩපිළිවෙළ යටතේ මෙතෙක් පානීය ජල සැපයුම නොලද පානීය ජල අවශ්‍යතාවය දැඩිව පවතින ප්‍රදේශයන් හඳුනා ගනිමින් එක් දිනක් තුළ එම ප්‍රදේශයේ නිවෙස් වෙත ගොස් ජල ඉල්ලුම් පත්‍ර සම්පූර්ණ කර ගනිමින් ඇස්තමේන්තු සකස් කර එම අවස්ථාවේදීම මුදල් අයකරගෙන එදිනම නව ජල සැපයුම ලබා දීම මෙම වැඩපිළිවෙළේ අරමුණයි.
මෙය පැය විසි හතරක් තුළ නිවෙස් වෙත ගොස් නව ජල සම්බන්ධතා ලබා දීමේ ජාතික වැඩ පිළිවෙලකි. 2025 සැමට පානීය ජලය ලබාදීමේ සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමේදී එක් වසරකට නව ජල සම්බන්ධතා ලක්ෂ තුනකට වඩා වැඩි ප්‍රමාණයක් ලබාදීම අත්‍යවශ්‍ය වේ. මේ සඳහා ජල සම්පාදන මණ්ඩලයේ දිවයින පුරා ඉංජිනේරුවන්,කම්කරු සහ සේවක පිරිස් නිසි සැලැස්මකට අනුව සූදානම්ව සිටී. එය බොහෝ දුරට සාක්ෂාත් කර ගැනීමට මේ වෙනවිට හැකියාව ලැබී ඇත. නමුත් පවතින වසංගත තත්වය හමුවේ කම්කරු
හා සේවක පිරිස් රෝගාතුර වීම සහ නිරෝධායන වීම තුළ සමහර ප්‍රදේශවල මෙම තත්ත්වයේ යම් ප්‍රමාද වීම් ඇතිවිය හැකි බැවින් මෙම නව වැඩපිළිවෙළ ආරම්භ කළ බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
ජාතික ජලසම්පාදන හා ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නිලධාරීන්, ඉංජිනේරුවන්, සේවක කම්කරු පිරිස් නව තාක්ෂණය සහ සිය දැනුම භාවිතා කරමින් ඉතාමත් කැපවීමෙන් යුක්තව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම අතිශය ප්‍රසංශනීය කටයුත්තක් බව ජලසම්පාදන අමාත්‍ය තුමා පෙන්වා දුන්නේය.
මේ ජාතික වැඩසටහනේ පළමු අදියර කටාන මැතිවරණ කොට්ඨාසයේ කිඹුලාපිටිය බල ප්‍රදේශයේ පොල්ගාල වත්ත, දෙමංහන්දිය, පත්තෑයන් වත්ත යන ප්‍රදේශයන්හි දී ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2021.09.11 වන දින ආරම්භ කරන ලදී.
මෙදින පොල්ගාල වත්ත, දෙමංහන්දිය, පත්තෑයන් වත්ත ප්‍රදේශයන්හි නව ජල සම්බන්ධතා 100ක් ලබාදීමට කටයුතු කරන ලදී.මෙම වැඩපිළිවෙල ජලසම්පාදන මණ්ඩලයේ ගම්පහ දිස්ත්‍රික් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.යූ.කේ.රණතුංග මහතාගේ සහ අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම් සංජීව ධම්මික මහතාගේ මෙහෙයවීමෙන් සිදු කෙරේ.