අනුරාධපුර,තඹුත්තේගම වී ගොවීන්ගේ අස්වනු අළෙවි කරගැනීමට නිසි මිලක් නැතැයි පලවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් රජයේ නිල පුවත් වෙබ් අඩවිය කළ විමසීමකට පිළීතුරු ලබා දෙමින් පෙරේරා මහතා මේ බව කීය
රජය ලබා දෙන මුදලට වඩා වැඩි මුදලකට වී මිලදී ගැනීමට අතරමැදියන් ක්‍රියා කරන බව පෙන්වා දෙන ඒ මහතා මෙම කූඨ ව්‍යාපාරය නතර කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගෙන ඇති බවද පැවසීය.
වී මිලදී ගන්නා සහතික මිල රුපියල් 60ක් දක්වා වැඩි කිරීමට ගොවීන් ඉල්ලා සිටින බව පවසන ඒ මහතා රජය , වී අලෙවි මණ්ඩලය ඇතුළු අදාළ ආයතන සහ පුද්ගලයන්ගෙන් විමසීමෙන් අනතුරුව වී මිලදී ගන්නා සහතික මිල තීරණය කෙරෙන බවත් එසේ වැඩි කිරීමේදී පාරිභෝගිකයන්ට සහල් කිලෝවකට විශාල මුදලක් ගෙවීමට සිදු වන බවත් පෙන්වා දුන්නේය.
වී මෝල් හිමියන් මේ වන විට සිය උපරිම ධාරිතාවයෙන් සහල් වෙළඳපොළට නිකුත් නොකරන බව ද ඒ මහතා කියා සිටියේය.
ඊයේ දින සිදු කළ වැටළීම්වලින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සහල් කිලෝ ග්‍රෑම් 60000ක් අත්අඩංගුවට ගත් බවත් ඉන් කිලෝ ග්‍රෑම් 30000ක් රඹෑව රජයේ වී ගබඩාවටත් ඉතිරිය තලාව වී අලෙවි මණ්ඩලයේ ගබඩාවට යැවීමට කටයුතු කළ බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.