පවත්නා අර්බුදකාරී තත්ත්වය හමුවේ වුව ද, මෙරට රජය කටයුතු කරන්නේ තිබෙන ගැටළු නිරාකරණය කර ගනිමින් රට ඉදිරියට ගෙන යාමට බවත්, එහෙත් ඇතැමුන් විසින් රජය කෙරෙහි මහජන ප්‍රසාදය නැති කිරීමට විවිධ උත්සාහයන් ගත්ත ද ඔවුන්ගේ ව්‍යර්ථ උත්සාහයන් පිලිබඳව නම් ජනතා අප්‍රසාදයක් මතුව තිබෙන බව දක්නට ලැබෙන බවත් කී අමාත්‍යවරයා,
වසංගත තත්ත්වයත් සමඟ පැනනැගී ඇති යම් යම් අර්බුදයන් ඇතිව තිබෙන මේ වෙලාවේ දී ජනමත විචාරණයක් පිහිටුවා විපක්ෂයට රට භාර දෙන්න යැයි කියමින් විපක්ෂ නායකවරයා පවසන කාරණාව සම්බන්ධයෙන් කණගාටුවන බවත්, විපක්ෂ නායකවරයාට සහ විපක්ෂයට අවශ්‍ය බලය මිස ජනතාවගේ සුභසිද්ධිය නොවන බවත්, බලයට තිබෙන ලොබ කම නිසා මෙවැනි වසංගතයක් තිබෙන තත්ත්වයක දී ත් මෙවන් දේ පැවසීම මඟින් කොවිඩ් රෝගය කෙතරම් දරුණුවට පත් වුවත්, විපක්ෂ නයකට හෝ විපක්ෂයට වසංගතය හමුවේ රටේ ජනතාව සමතයකට පත් කිරීමට කිසිඳු වුවමනාවක් නොමැති බව දක්නට ලැබෙන බව ද හෙතෙම අවධාරණය කර සිටියේය.
ඒ අනුව බලන කල්හි, ඇතැමුන් මෙරට අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයන් මවා පෑමට කටයුතු කරනු ලැබූ අතර, සීනි සහ හාල් සම්බන්ධව වූ අර්බුදයක් ඇති වූ විට ජනතාවට අපහසුවක් නොවන ආකාරයෙන් කටයුතු කිරීම පිළිබඳව ඊට අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කොට සමතයකට පත් කිරීමට කටයුතු කළ ද, නිසි පිළිතුරක් නොලද හෙයින් හදිසි නීතිය බලාත්මක කොට සහල්ස හ සීනි රජයට පවරාගෙන සහල් සහ සීනි පාලන මිලට සතොස, සුපර්මාර්කට් වැනි ආයතන වලට නිකුත් කිරීමට කටයුතු කර ඇති බව ද, ගෑස් සම්බන්ධව ද එම අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කොට ගෑස් සම්බන්ධ ගැටලුව ද නිරාකරණය කිරීම හේතුවෙන් අද වන විට දිවයින පුරා ලිට්‍රෝ ගෑස් මිල දී ගැනීමේ හැකියාව ජනතාවට ලබා දී ඇති බව ද හෙතෙම කියා සිටියේය.
ලෝක වෙළඳපොලේ ගැටළුවක් තිබෙන බව පිළිගන්නා බව ද හෙතෙම කියා සිටින ලදුව, ලොව අනෙකුත් රටවල ද මේ හා සමානවම අප රටට ද විදේශ විනිමය ගලා ඒමේ ප්‍රශ්නයක් තිබෙන බව ද කියා සිටියේය. එහෙත් මෙකි සියලු ගැටළු, අර්බුද, අභියෝග හමුවේ මෙරට ආර්ථික, භෞතික සංවර්ධන කටයුතු සිදු කිරීම්, රාජ්‍ය සේවකයින්ගේ වැටුප් කප්පාදු නොකිරීම මෙන්ම, සුභසාධනය උදෙසා ද කරන කටයුතු ද ඒ ආකාරයෙන්ම සිදුවන බවත්, ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අංශ ගත් ක්‍රියාමාර්ග නිසා අද වන විට කොවිඩ් එන්නත ලබා දීමෙන්
ලංකාව පළමු තැනට පත්ව තිබෙන අතරම මේ වන විට සමස්තයක් ලෙස ගත් විට සෑම රෝහලකම කොරෝනා රෝගීන් වාර්තා වීමේ ප්‍රමාණය අඩුවක් ද දක්නට ලැබෙන බවත්, ගුරුවරුන් සම්බන්ධව ද ඔවුන්ගේ වැටුප් නිසි පරිදි අඩු නොකොට ගෙවා තිබෙන අතර අතිරේක 5000 ක් ද ගෙවීම ද කටයුතු කර ඇති බවත් අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේය.
එකී සියලු අභියෝග හමුවේ රටේ සියලු කටයුතු සිදුවෙන අතරම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සෑම විටම විද්වතුන් සමඟ සාකච්ඡා කොට අවශ්‍ය අවස්ථාවල දී කටයුතු කරනු ලබන බවත්, සෑම පුරවැසියෙකුටම ට තම අඳහස් ප්‍රකාශයට පත් කිරීමේ නිදහස, මාධ්‍ය නිදහස වත්මන් රජය විසින් ලබා දී තිබෙන විටෙක ඇතැම් අවස්ථාවල දී පවා වැරදි ආදර්ශ, වැරදි නායකත්වයන් පෙන්වා රට ගොඩගනැඟීම වෙනුවට විවිධ මතවාද ගෙනගොස් රට වියවුල් කිරීමට විපක්ෂය කටයුතු කරන බවත්, ඔවුන් විසින් පළාත් සභා මැතිවරණ පැවැත්වීම අක්‍රීය කොට දැමු අතර අද වන තුරුත් පළාත් සභා මැතිවරණ පැවැත්වීමට එකී හේතුව නිසා නොහැකි ව තිබෙන බව ද මෙහි දී අමාත්‍යවරයා විසින් පවසා සිටියේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිසි කලට මැතිවරණ පවත්වන පක්ෂයක් බවත්, රජය විසින් විපක්ෂයට තම අදහස ප්‍රකාශ කිරීමට අවශ්‍ය මාධ්‍ය නිදහස ලබා දී තිබෙන නමුත් ඔවුන් එය භාවිතා කරමින් අනිසි ලෙස කටයුතු කිරීම පිළිබඳව ඉදිරියේ දී මහජනයා විසින්ම තීන්දු කරනු ඇති බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේය.