පාස්කු ප්‍රහාරය පරීක්ෂණ යටගසිමක් විනා වින්දිතයින්ට යුක්තිය ඉටුකිරීමට ක්‍රියාත්මක වීමක් නොපෙනෙන බවට සිදු කෙරෙන ප්‍රකාශ පිළිබඳව අද (13) රජයේ නිල පුවත් වෙබ් අඩවිය කරන ලද විමසුමකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
එමෙන්ම, පාස්කු ප්‍රහාරය සම්බන්ධව කාදිනල් හිමිපාණන් යම් මතයක සිට කටයුතු කරන බවත්, එතුමා එම මතය දරන්නේ ප්‍රහාරය සම්බන්ධව යම් කිසි කරුණු පිළිබඳව මනා ලෙස දන්නා නිසා විය යුතු බවත් කියා සිටි අමාත්‍යවරයා, ශුද්ධෝත්තම පාප් වහන්සේ බැහැ දැකීමක් අගමැතිවරයාගේ ඉතාලි ගමනින් සිදු නොකෙරෙන අතර අගමැතිවරයාගේ ඉතාලි ගමන සහ පාප් වහන්සේ හමුවීමයි අතර කිසිඳු සම්බන්ධයක් නොමැති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.