පරිසර අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවේ සමස්ත ගංගා පද්ධතියම සංරක්ෂණය සඳහා සුරකිමු ගංගා නමින් අරඹන ලද ව්‍යාපෘතිය මේ වනවිට ක්‍රියාත්මක ව පවතී.
මේ යටතේ අප රටේ ගංගා පද්ධතියට ඇතුළත් වන ගංගා 103ම සංරක්ෂණයට පියවර ගැනීමට සැළසුම් කර තිබේ. ඒ අනුව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් සුරකිමු ගංගා වැඩ සටහන සඳහා ඉල්ලුම් කරන ලද මුල්‍ය ප්‍රතිපාදන අනුව මහා භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 200ක මුදලක් 2021 වසර සඳහා ලබා දී තිබේ. ඒ යටතේ ගංගා සංරක්ෂණය සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් මෙන්ම දිස්ත්‍රික් සංවර්ධන කමිටුවලින් ව්‍යාපෘති ඉල්ලුම් කරන ලද අතර මේ වනවිට ව්‍යාපෘති ඉදිරිපත් ව තිබේ.
සුරකිමු ගංගා වැඩ සටහන යටතේ ක්‍රියාත්මක කිරීමට හඳුනා ගන්නා ලද ව්‍යාපෘති සඳහා පළාත් කිහිපයකට වහාම මුදල් ප්‍රතිපාදන වෙන් කරන ලෙස අමාත්‍යවරයා පරිසර අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් ලබා දී තිබිනි. ඒ අනුව මැණික් ගඟ ආශ්‍රිතව ව්‍යාපෘති කිහිපයක් සඳහා මොනරාගලට රුපියල් ලක්ෂ 128ක්, හා කතරගමට ලක්ෂ 40ක්ද, දකුණු පළාතේ ගංගා කිහිපයක ව්‍යාපෘති සඳහා රුපියල් 85,972,298ක මුදලක් ද, මධ්‍යම පළාතේ ගංගා කිහිපයක ව්‍යාපෘති සඳහා රුපියල් 35,007,033ක් ද, වයඹ පළාතේ ගංගා කිහිපයක් සඳහා රුපියල් 54,40,854ක මුදලක් ද වෙන් කර තිබේ.
එමෙන්ම බස්නාහිර පළාතේ ගම්පහ පහුරු ඔය ආශ්‍රිත ව්‍යාපෘතියකට රුපියල් ලක්ෂ 11ක්, හා සබරගමුව පළාතේ රත්නපුර වළවේ ගඟ ආශ්‍රිත ව්‍යාපෘතියක් සඳහා රුපියල් ලක්ෂ 39ක් ද වෙන් කර ඇත. මේ හැර පළාත් 09යම ආවරණය වන පරිදි ඉදිරිපත් කිරීමට නියමිත ව්‍යාපෘති සඳහා දැනට මුල්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබේ. එම පළාත්වලින් ඉදිරිපත් වන ව්‍යාපෘති අනුව අදාල මුල්‍ය ප්‍රතිපාදන එම ව්‍යාපෘති සඳහා වෙන් කිරීමට නියමිතය.
මේ හැර මේ වනවිට අපේ රටේ වැඩිම පිරිසක් පාරිභෝජනය සඳහා ජලය ලබා ගන්නා ගංගාව මෙන්ම අප රටේ තිබෙන මෙන්ම දූෂිතම ගංගාව වශයෙන් සැලකෙන කැළණි ගඟ සංරක්ෂණය සඳහා වැඩිම මුදලක් වෙන් කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව කොළඹ හා සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශ ආශ්‍රිතව ව්‍යාපෘති දෙකක් සඳහා මෙතෙක් වෙන් කර ඇති වැඩිම මුදල වෙන් කිරීමට පියවර ගෙන තිබේ. ඒ යටතේ කොළඹ ප්‍රාදේශීය ලේකම් බල ප්‍ර දේශය සඳහා රුපියල් 26,18000ක්ද, සීතාවක ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය සඳහා රුපියල් 96, 71000ක් ද කැලණි ගඟ සංරක්ෂණය සඳහා වෙන් කිරීමට සුරකිමු ගංගා වැඩ සටහන මගින් පියවර ගෙන තිබේ.