කෝවිඩ වසංගතයත් ඉතා අසීරුතාවයකට පතිවී ඇති මෙම ව්‍යාපාරිකයන් නැවත සංචාරක කර්මාන්තය ආරම්භවීමත් සමග ඔවුන්ගේ ව්‍යාපාර නිසියාකාරව පවත්වාගෙන යාම හා ඔවුන්ගේ බලපත්‍ර හා අනිකුත් පොදු ගැටලු කඩිනමින් විසදුම ලබාදීමට වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතාගේ හා වැවිලි කර්මාන්ත කැබිනට් අමාත්‍ය වෙද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් නිළධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.
හබරාදුව ප්‍රාදේශීය සභා සභාපති දිල්ශාන් විදානගමගේ මහතා විසින් මෙම අවස්ථාව සංවිධානය කළ අතර වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් එස් .රණවක මහතා , සමුද්‍රීය පරිසර ආරක්ෂන අදිකාරියේ සභාපතිනි නීතිඥ දර්ශනී ලහදුපුර මහත්මිය , ශ්‍රී ලංකා පහත්බිම් සංවර්ධන සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍ය අදිකාරී අමරසිංහ මහතා, ඇතුලු රාජ්‍ය නිළධාරීන් පිරිසක් මෙම අවස්ථාව සදහා සහභාගිවිය