ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීම සිදු විය
සනීපාරක්ෂක භාණ්ඩ හා බිම් හා බිත්ති ගඩොල් වල හිඟතාවය සහ මිල ඉහළ යාම හේතුවෙන් එම කර්මාන්තය යම් පසුබෑමකට ලක්ව තිබූනි.
ඒ අනුව අතිගරු ජනාධිපතිතුමා සහ අගමැතිතුමා විසින් එම කර්මාන්තයේ ඉදිරි කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමටත් ඉහළ ප්‍රමිතියෙන් යුතු උසස් තත්ත්වයේ සනීපාරක්ෂක
භාණ්ඩ හා බිම් හා බිත්ති ගඩොල් (ටයිල්) ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව හරහා මෙරටට ආනයනයත් උපදෙස් ලබා දෙන ලදි.
මෙරටට ටයිල් ආනයනය කර බෙදා හැරීමේ කටයුතු මේවන විට ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව මගින් සිදු කරන අතර එලෙස ආනයනය කරන ලද සනීපාරක්ෂක භාණ්ඩ හා බිම් හා බිත්ති ගඩොල් (ටයිල්) මින් ඉදිරියට මෙම ආයතනය මගින් සහනදායි මිලට පාරිභෝගික ජනතාවට මිලදී ගැනීමට අවස්ථාව හිමි වේ.
මෙම අවස්ථාවට ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ඉදිකිරීම්) එස්.එම්.ඒ. නෙලුගොල්ල මහතා, ගොඩනැගිලි ද්‍රව්‍ය
සංස්ථාවේ සභාපති මහේන්ද්‍ර විජේසේකර මහතා, එහි සාමන්‍යාධිකාරී දිලුම් රත්නායක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ