අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමිනි.
කැබිනට් මණ්ඩලය ඉතාම ගෞරවයෙන් මෙම යෝජනාවන් අනුමත කළ බවද, ඒ අනූව වසර 2050 වන විට මෙරට විදුලි ජනනය පූර්ණ කාබන්හරණ තත්ත්වයට පත්කිරීම මෙරට සිදුවෙන ඉතාම වැදගත් සංසිද්ධියක් බවද පරිසරය වෙනුවෙන් සහ අනාගතය වෙනුවෙන් එය ක්‍රියාවට නැංවීමට පියවර ගැනීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.