අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු යොමුකළ පැනයකට ප්‍රතිචාර දක්වමිනි.
රටේ මේ වනවිට පවතින තත්ත්වයක් යටතේ හදිසි නීතියෙහි වගන්ති දෙකක් පමණක් සංශෝධනය කරමින් ආහාර බෙදාදීමට අදාළව හමුදා පාර්ශවය සම්බන්ධ කරගෙන ඇති බවද, පුරවැසියන් විසින් මෙය තේරුම්ගත යුතු අතරම එන්නත්කරණ ක්‍රියාවලියේදී හමුදාවේ මැදිහත්වීම ධනාත්මකද, සෘණාත්මකද, ඔවුන්ගේ සේවය බැහැර කළ හැකිද යන්න සිතා බැලිය යුතු බවද, ආහාර බෙදාහැරීම සම්බන්ධයෙන්ද තත්ත්වය එලෙසම බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
හාල් සහ වී සම්බන්ධයෙන් ගැටලු මතුවූ අවස්ථාවේද හමුදාව සක්‍රීයව සම්බන්ධ වුණු බවද අප රට එක්සත් ජාතීන්ගේ සංගමයේ සාමාජික රාජ්‍යයක් වශයෙන් එම සාමාජිකත්වය ලැබීම ගෞරවයක් ලෙස සළකන රාජ්‍යයක් බවද, එමෙන්ම එහි සමාරම්භක සාමාජිකයන් වන අප රට එයට ගෞරව කරන අතරම ඔවුන්ගේ නිරීක්ෂණ ප්‍රතික්ෂේප නොකර පිළිගන්නා බවද අමාත්‍යවරයා පැවසීය.
නමුත් ප්‍රායෝගිකව රට තුළ සිදුවන දේ දර්ශනයක් ලෙස සළකා තීන්දු ගෙන ප්‍රකාශයට පත් කිරීම වැදගත් අතර සන්නද්ධ හමුදාවේ අනවශ්‍ය මැදිහත්වීමක් මේ මොහොතේ රටතුළ සිදු නොවන බව කාටත් පැහැදිලි යැයිද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.